එක්තරා වනාන්තරයෙක් මැදින් ගමන් ගන්නා ප්‍රයිවට් බස් එකක කොන්දොස්තර හැටියට තරුණ එළුවෙකූ වැඩ කළා. කුඩා කාලයේ පටන් මොනවා හෝ හපන්නට පුරුදුව සිටි මේ එළු කොලූවාට දවසකට අඩු ගණනේ චුවිං බීට්ල් හැටක්වත් ඕනේ.
මේ බස් එකේ යන හැමෝම බහින්න කිට්ටු වෙලා ඉතුරු සල්ලි ඉල්ලපුවාම ‘මාරු නෑ’ කියලා කියන්නේ තියෙන හැම මාරු සල්ලියකින්ම මේ යකා හෝල්ට් එකක බස් එක නවත්තපු ගමන්ම බුලත් විට අරගෙන හපන නිසා කියලයි යන එන හැම සතා සීපාවෙක්ම කියන්නේ. අනිත් එක මේ යකාට කවුරුත් කොන්දා කියන්නටත් හේතුවක් තිබුණා. මොකද කියනවා නම් බවලතෙක් බස් එකට නගින්න ආවා නම් පුදුම සත්ව කරුණාවකින් ආදරයකින් ඒ උදවිය බස් එකට නංවා ගන්නේ කොන්දට අතගහලා… බැලූ බැල්මට මේ ක්‍රියාව ලෙන්ගතු ආරක්ෂක කි‍්‍රියාවක් හැටියට පෙනුනත් 1938 කතා කරලා කියන්න වටින හිංසනයක්. ඒත් ඔය තොල් නිය සායම් කරලා දණ හිසෙනුත් උඩට ගවුම් කොට ඇඳන් යන මොනර පැටික්කියන්ට තත්පරයක් කටවහගෙන ඉන්න බැරුව කියෝන ගිරවියන්ට කපුටියන්ට පරෙවි රැජිනියන්ට වටු කිරිල්ලියන්ට නං තටුවෙන් ඇදලා ඇතුළට ගත්තත් තඹේක ගාණක් නෑ. හැබැයි ඉතිං සමහරු ඉන්නවානේ මැස්සෙක්වත් ඇෙඟ් වහලා නැති මලෙන් උපන්නැයි හිතාගෙන ඉන්න මහේෂිකාවෝ. ආන්න එහෙම ගිනි කිරිල්ලියන්ට නං මේ එළු කොන්දා වහ. අනිත් එක මේ බස් එකේ රස්සාවට එන්න කලින් සාඩිං ෆැක්ටේරියට වැඩ කරලා තියෙන පළපුරුද්ද හින්දා නැවක පටවන ලෝඞ් එකක් ආවත් ආයේ එකෙක් වත් බිම දාලා නං යන්නේ නෑ. ගාණට සිස්ටම් එකට අහුරලා කොහොම හරි අරගෙන යනවා. ඒක හින්දා යන එන උදවියට කෙසේ වෙතත් බස් එක අයිති මුදලාලි නං මේ කොන්දාට හරිම කැමතියි. ඒ වගේම බස් එකට පැක් කිරීම කොච්චර සිස්ටමැටිකලි කරනවාද කිව්වොත් සමහර උදවිය බස් එකෙන් බහින කොට ෂර්ට් එකේ හැමතැනම ගෑනු උදවියගේ තොල් පෙති ඇහි බැම ප්‍රින්ට් වෙලා. ඒකට කියන්නේ ඕෆ්සෙට් ප්‍රින්ටින් කියලා. බස් එකේ ඒ තරමට තදවෙන්න පැක්කරලා!
ඕන්න දවසක් බස් එක හෝල්ට් එකක නැවැත්තුවා… කොන්දා චිරිස් ගාලා බුලත් කෙළ පාරකින් පාර පේන්ට් කරලා කෑගහන්න පටන් ගත්තා.
‘ආ… බුරු පොළ බහින්ඩා… රිලාගස්කඩ… සිංහරාජේ එළුවන්කුලම එලිෆන්ට්පාස් ආ… බහින්ඩා බහින්ඩා ඉක්මන් කරන්ඩා… යන්ඩා යන්ඩා ඉස්සරහට යන්ඩා කොටියාකූඹුර, ගෝනාපොල, කිඹුලාවල ඌරාපොල පොලොන් ඕවිට, නයිකන්ද නරියාකන්දා යනා’ය නගින්ඩා ඉක්මන් කරන්ඩා. රායිට් රායිට්! ඇද වෙච්ච පාන් ගෙඩියක් වගේ ඕන්න කැලෑ බස් එක ඉස්සරහට ඇදෙනවා. ‘කරාස් … බරාස් ඩොග් ඩොග්. මලා. ගියර් බොක්ස් එක මග වැටුණා. ඇණ බුරුල් වෙලා තිබිලද කොහෙද.
උළුකයා නොහොත් ඩ්‍රයිවර් බස්සා බෙරිහන් දෙන්න පටන් ගත්තා ‘මොකක්ද ඕයි… මේ බර කරත්තේ. මගුරෝ අල්ලන්න මේක දානවා අර ඇළට.’
මගියෝ බෙරිහන් දෙන්න පටන් ගත්තා. මේක හදාගෙන මිසක් අඩියක් ඉස්සරහට යන්න නං බෑ… හදාගන්න කම් ඉන්න පුළුවන් අය ඉන්න. එහෙම බැරි අය යන්න.’
‘අනං මනං බයිලා ඕනේ නෑ. අපේ සල්ලි ආපහු දෙනවා. අපි බැහැලා පයින් යන්නං, ඒ පාර කොන්දා කොර වුණා. අනං මනං අයියාපාට් දාන්න ගිහිං අතට ගත්තු ගාණත් කටට දාගන්න බැරි වුණානේ. අද මාටියා පාරටත් පොල්ල.
‘හරි හරි පොඞ්ඩක් ඉවසන්න මහත්තුරු මං මේ ට්‍රයි එක දෙන්නේ ඔයගොල්ලන්ව කොහොම හරි ඉක්මනට අරගෙන යන්නනේ.
බස් එක කැඩුණාට පස්සේ කොන්දා තවත් හපයක් කටට ඔබාගෙන ගැරේජ් බාස් කෙනෙක් හොයන්නට ගියා. බස් එකට ලෝඞ් කරගෙන හිටිය අලි කොටි වලස්සු මොනර පැටික්කියෝ බිමට බැහැලා වලිය අදින්න පටන් ගත්තා.
‘මුං බස්වලට මගීන්ව පටවන්නේ හරියට මිනිස්සු පටෝනවා වගේනේ. සත්ව හිංසනය තහනම් කරලා තියෙනවා කිව්වට අපේ අයිතිවාසිකම් නේ මුං මේ අමු අමුවේ උල්ලංඝනය කරන්නේ…’
‘ ඕයි නරිසිංහ දීපං කෝල් එකක් මාර්ගස්ථ මගී අධිකාරියට.’
‘ම්හු… මං දහ පාරකට වැඩිය ට්‍රයි කෙරුවා ෆෝන් එක ගන්නෙ නෑ.’
‘එකත් එකටම උනුත් කොහේ හරි බ්රේක් ඩවුන් වෙලා ඇති.’
රා පාරක් දාලා තද නින්දකට වැටී සිටි උගුඩුවෙකු හදිසියේම අවදි වී යාන්තම් සීට් එකෙන් පොඞ්ඩක් ඔලූව කෙලින් කර කූරු පුප්පාගෙන අසල සිටි ඉත්තෑවියකට ජැක් එක ගහමින් කියා සිටියා
‘කෝ මේක එලවාගෙන ආපු ඩැයිවරයා’ වෙලාවට ගමන යා ගන්න බැරිව නප්පියට තද වී සිටි කොටියකු අසල සිටි උරුලෑවෙකුගෙන් ඇහුවා.
‘බ්රේක් ඔයිල් ටිකක් අරගෙන එන්නං කියලා ඔන්න එයා පහලට බැස්සායි’ උරුලෑවා කොටියාට කිව්වා. කොහොම හරි පැයක් දෙකක් යනකොට මග වැටුණ ගියර් පෙට්ටියත් ලොරියක පටවාගෙන කොන්දා බාස්කෙනෙකුත් එක්ක බස් එක ළඟට පැමිණියා.
ඕන්න තවත් පැය දෙකක් තුනක් යනකොට කොන්දයි බාසුයි එකතු වෙලා යාන්තම් ගියර් පෙට්ටිය ෆිට් කර ගත්තා.
‘දැන් හරි කෝ ඩැයිවර් අයියා. පොඩි ට්‍රයල් එකක් බලන්නේ නැතුවා එක පාරටම ගමන් ආරම්භ කරන්න බෑනේ.’
හැමෝම වගේ ඩ්‍රයිවර් බස්සාව හොයන්න පටන් ගත්තා. මෙහෙම පැයක් දෙකක් සර්ච් පාර දාන කොට ආරංචි වුණා බස්සා ටිකක් එහායින් වූ ‘පෙට්‍රල් ෂෙඞ් එකක් ළඟ’ වැටී ඉන්නවා කියලා. කොන්දාට මළ පැන්නා ‘මූට ඕන මළ ජරාවක් බී ගන්න තිබුණේ ලාස් ටි්රප් එක ගහලා ඉවර වුණාමනේ. ෂෙක් වගකීමක් නැති එවුන්. උදේ ඉඳලනේ මේ මගියෝ රස්තියාදු වෙන්නේ… මේ වගේ කෂඩයෝ එක්ක වැඩකරනවටයි රෙපයාර් එකක් කලට වෙලාවට නොකරන මුදලාලියන්ගේ බස්වල වැඩකරනවටයි අපිටයි ගහන්න ඕනැ කිවු කොන්දා සුක්කානම අතට ගෙන ‘හරි හරි නගින්න ඔක්කෝම මං වත් ගෙනියන්නම්’ යි කියා බසය ඉස්සරහට පෑගුවා. වැඩි දුරක් ගියේ නෑ ආඳාපොල හරියේ දී ලිස්සා පාරෙන් ඉවතට පැන බසය විශාල ප්‍රපාතයකට පෙරලූනා.
සිදු වූ මේ අනතුරින් කොටි හතරදෙනෙකු, බූරුවන් හතරදෙනෙකු, ඉත්තෑවෙකු මරණයට පත්වූ අතර බසයේ ගමන් ගත් අනෙකුත් හැම එකාමත් බරපතල තුවාල ලබා සිටි හෙයින් ඔවුන් රෝහල් ගත කළාග කොන්දාද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්වුණා හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ ගියර් බොක්ස් එක අලූත්වැඩියාවට බාස් කෙනෙකු රැගෙන ඒමට ගිය අවස්ථාවේදි අතරමග ‘පිරවුම් පොළ’කින් කොන්දාද ‘ගියර් ඔයිල්’ පාවිච්චි කර තිබූ බවය. බසයේ අයිතිකරු වූ මී හරකා අනතුර තක්සේරු කිරීමට පැමිණි නිලධාරීන්ට නිසි සැලකීමක් නොකළ හෙයින් වන්දි ගෙවීමක් ද නොකෙරිණ.
ටික දවසකින් කැලෑ බස් එක අබලි යකඩවලට විකුණා දැමූ මීහරකා මී කිරි බිස්නස් එකක් පටන් ගත්තා!
ආදර්ශය : ඩ්‍රැයිවර් ලා කොන්දොස්තරලාගේ නොසැලකිල්ල නිසා බස් හිමි මී හරකුන්ට මුදවාපු කිරි බිස්නස් ආරම්භ කරන්නට සිදුවේ.
සරත්චන්ද්‍ර පත්තඬුවන