කිරිපිටි මිල ඉහළ දැමීමට රජය මෙතෙක් අවසර ලබා නොදීම නිසා කිරිපිටි ආනයනය සියයට 70කින් පමණ නතර කර දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්‍ෂ්මන් වීරසූරිය මහතා පවසයි.
ඒ අනුව දේශීය වෙළෙඳපොළෙහි ආනයනික කිරිපිටි අලෙවියට ඇත්තේ මාසයක පමණ කාලයකට ප‍්‍රමාණවත් තොග බවත් ඉන්පසු ආනයනික කිරිපිටිවල හිඟයක් ඇතිවිය හැකි බවත් ඒ මහතා පවසයි.
ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යෑමට සාපේක්‍ෂව සියයට 30ක මිල වැඩි කිරීමක් කිරිපිටි ආනයනකරුවන් විසින් රජයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව දැනට වෙළෙඳපොළෙහි අලෙවිවන කිරිපිටි කිලෝවක මිල රුපියල් 350කින් ද ග‍්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 140 කින් ද වැඩිවේ.
මෙලෙස මිල වැඩි වූ විට රුපියල් 945කට මිල නියම කර ඇති කිරිපිටි කිලෝවක මිල රුපියල් 1,295ක් ද, රුපියල් 385ක් වන ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 525ක් ද ලෙස ඉහළ යනු ඇත.
– උපාලි ද සේරම්
|