කිරිපිටි නැතිව ළමා නිවාසවල දරුවෝ හාමතේ – කහට කෝප්පයට සීමාවෙලා

171

කිරිපිටි හිඟය හමුවේ ළමා නිවාසවල රැකවරණය ලබන දරුවන් දැඩි අපහසුතාවට පත්වී කහට කෝප්පයට සීමාවන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තාවේ.

විශේෂයෙන් ළමයින් භාර ගැනීමේ මධ්‍යස්ථානවල සිටින වයස අවුරුදු 01 ත් 06 ත් අතර දරුවන්ට අත්‍යවශ්‍ය ආහාර වේලක් ලෙස කිරිපිටි ලබාදුන්නත් දැඩි කිරිපිටි හිඟය නිසා එය ලබාදීමට නොහැකිව ඒවායේ පාලකවරුද දැඩි අපහසුතාවට පත්ව ඇතැයිද ‘දිවයින’ අමතමින් පැවසූහ.

පරිවාස නිවාස 379 ක් රට තුළ පවතින අතර පළාත් පරිවාස කොමසාරිස් යටතේ ළමා නිවාස 44 ක්ද, ඉතිරි ඒවා රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික නිවාස ලෙස පළාත් කොමසාරිස්වරයාගේ අධීක්‍ෂණය යටතේද පවත්වාගෙන යයි.

ළමා නිවාසවල දරුවන් මුහුණදී සිටින මෙම අර්බුදය සම්බන්ධයෙන් පරිවාස දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුදීර නිලංග විතාන මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ එවැනි ගැටලූ ඇතැම් පළාත්වල පැවැතිය හැකි බවත් තමාද මැදිහත්වී ඌව පළාතේ ළමා නිවාසයකට කිරිපිටි ලබාදීමට කටයුතු කළ බවත්ය.

මෙවැනි ගැටලූ අනෙකුත් පළාත්වලත් පවතී නම් අදාළ පළාතේ පළාත් කොමසාරිස් සමග සාකච්ඡුා කර විසඳුමක් ලබාගත හැකි බවත් එසේ නොහැකි නම් පරිවාස දෙපාර්තමේන්තුවේ 011-2186062 කොමසාරිස් වෙත දුරකථනයෙන් දැනුම්දිය හැකි බවත් ඔහු කියා සිටියේය.

මේ අතර පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සහ රෝහල්වල නේවාසිකව ප‍්‍රතිකාර ලබන පිරිසටද මෙම ගැටලූව බලපා ඇතැයි වාර්තාවේ.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment