කිරිපිටි සූත්තරේ 2019 හිරවෙලා

72

කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රය 2019 වසරින් පසු මුදල් අමාත්‍යංශය දීර්ඝ කර නැතැයි මුදල් කාරක සභාවේදී අනාවරණය වී ඇත.

ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා 2018 වසරේදී මෙම මිල සූත්‍රය සකස් කර තිබේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ බව හෙළිවී ඇත.

මේ මිල සූත්‍රය තමා විසින් 2016 වසරේදී සියලු දෙනාගේ එකඟත්වය මත සකස් කළ බවත් එය වසරින් වසර දීර්ඝ කළ යුතු බවත් හර්ෂ ද සිල්වා මහතා කාරක සභාවට දැනුම් දී තිබේ.

කිරිපිටි ආනයන කරුවන්ට යටවී මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම නතර කර ඇතැයි විශ්වාස කරන බව පවසා ඇති ඒ මහතා මිල සූත්‍රය ක්‍රියාත්මක නොවීම නිසා කිරිපිටි ආනයනික සමාගම් අධික ලාභයක් ලබාගනිමින් කිරිපිටි අලෙවි කර ඇතැයි ද සඳහන් කර තිබේ.

මිල සූත්‍රය නතර කිරීම සම්බන්ධව මීළඟ මුදල් කාරක සභාවට කරුණු ඉදිරිපත් කරන ලෙස හර්ෂ ද සිල්වා මහතා මෙහිදී මහා භාණ්ඩාගාරයට සහ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයට නියෝග කර ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment