කිරි දෙනුන් ගෙන්වීමේදී මිලියන 400ක් වංචා කළ අයෙකුත් සජබ උද්ඝෝෂණයේ

244

* මොහොමඞ් මුසම්මිල්

මෙරටට කිරි ගවයන් ගෙන්වීමේදී රුපියල් මිලියන 400ක් සොරාගත් හිටපු ඇමැතිවරයකු ද සමගි ජන බලවේගය උද්ඝෝෂණයට පැමිණි බව ප‍්‍රකාශ කිරීම නිසා ඊයේ (17 දා) පාර්ලිමේන්තුව ආරම්භයේදී තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසූ ප‍්‍රශ්නයකදී මෙම තත්ත්වය ඇති වූ අතර එහිදී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා යමක් ප‍්‍රකාශ කිරීමට යෑමෙන් මෙම තත්ත්වය වැඩිවිය.

මොහොමඞ් මුසම්මිල් මහතා –

අපි දැක්කා අර හිරේ ඉන්න ඕනෑ අයෙකුත් උද්ඝෝෂණයට සහභාගි වෙනවා. කැලණි පන්සල් වඳින්න යනවා කියමින්

පසුගිය ආණ්ඩුවේ කිරි දෙනුන් ගෙන්වීමේ ව්‍යාපෘතියේදී රුපියල් මිලියන 400කට වැඩි වංචාවක් වෙලා කියලා ජනාධිපති විමර්ශන වාර්තාවකින් හෙළිවුණා.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජනතාවට කිරිදෙනුන් ලැබුණේ නෑ. පී. හැරිසන් මහතා ඊයේ කිව්වා මොකුත් නොවුණා වගේ කැලණි යනවා කියලා. කලබල වෙන්න එපා රංජිත් මද්දුම බණ්ඩාර මහතා, මම අහනවා ෂෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමැතිතුමාගෙන් මේ ගැන පරීක්‍ෂණයක් කරනවා ද කියලා.

ෂෙහාන් සේමසිංහ මහතා –

මේ කිරි දෙනුන් ගැන අහනකොට රංජිත් මද්දුම බණ්ඩාර මන්ත‍්‍රීතුමා කලබල වුණේ ඇයි කියලා මම දන්නේ නෑ.. ඔන්න පාස්කු ප‍්‍රහාරය ගැන ඇහුව නම් එතුමා කලබල වෙන්න ඕනෑ. මේ කිරිදෙන්නු ගෙන ඒමේදී පසුගිය රජය වියදම් කරපු මුදලට හරියන්න කිරි දෙනුන් ලැබිලත් නෑ. ඒ කිරිදෙනුන් මියගිහින්. ඒ ගැන පරීක්‍ෂණ වාර්තාවක් මේ සභාවට දෙන්නම්.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා –

මට කලබල වෙන්න දෙයක් නෑ. අපි හරක් ගැන කතා කළේ නෑ. මේ කිරිදෙන්නු ඇනවුම් කළේ බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා 2015 ට පෙර ආණ්ඩුව සමයේදියි.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා –

මේ සත්තු පැහැදිලිවම ආනයනය කළේ යහපාලන කාලයේ. මේ ආනයනයයි, බැසිල් ඇමැතිතුමායි අතර කිසි සම්බන්ධයක් නෑ. ඒ නිසා හරක් කවුද කියලා පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා.ෆේක් බුක්

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment