කිරි පිටි මිල ඉහළ යයි, ගෑස්, තිරිගු පිටි සහ සිමෙන්නති හෙට වැඩිවේ

537

ආනයනික කිරිපිටි කිලෝ එකේ පැකට් එකක මිල රුපියල් 250 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එකක මිල රුපියල් 100 කින් ඉහළ දමා ඇත.
ඒ අනුව කිරිපිටි කිලෝ එකේ පැකට් එකක නව මිල රුපියල් 1195 ක් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එකක මිල රුපියල් 480ක් ලෙස ඉහළ යයි.

මේ අතර තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තිරිඟු පිටි සැපයුම්කරුවන් සහ රජය එකඟතාවකට පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රීමා පිටි සමාගමේ ප්‍රකාශකයකු පැවසුවේ තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 15 ත් 20 ත් අතර මිලකින් ඉහළ දැමීම පිළිබඳව අවසන් තීරණය හෙට දැනුම් දෙන බවය.

එමෙන්ම කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 200 කින් පමණ ඉහළ දැමීමට සිමෙන්ති සැපයුම් කරුවන් යෝජනා කර තිබේ.
ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිලද රුපියල් 1205 ක් දක්වා ඉහළ යනු ඇත.


advertistmentadvertistment