කිරි පිටි හිගය තව මාස දෙකක්

158

කිරිපිටි මිලට ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැති නිසා බැංකු හරහා ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීම කිරිපිටි හිඟයට ප‍්‍රධාන හේතුව බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසයි.
එමෙන්ම නැව්වල ප‍්‍රමාදය සහ ගුදම් ගාස්තු ඉහළ යෑමද කිරි පිටි හිඟයට හේතුවක් බවත් අශෝක බණ්ඩාර මහතා සඳහන් කරයි.
පවතින කිරිපිටි හිඟය තවත් මාස දෙකක් පමණ පවතිනු ඇති බවත් අශෝක බණ්ඩාර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment