කිල්ලට බිය විය යුතුද?

202

අපල සමනය කරගැනීම පිණිස කරන යන්ත‍්‍ර මන්ත‍්‍ර භාවිතයේදී නිතරම කියවෙන ‘‘කිලි” යන වචනය කාටත් හුරු පුරුදුය. යන්ත‍්‍ර පළඳින අයට ඒවා පැළඳගෙන කිලි ගෙවල්වල හා මළ ගෙවල්වල නොයන ලෙස උපදෙස් දෙනු ලැබේ. ඒ කිලි අසුවීම නිසා ඒවායේ බල බිඳෙන බැවිනි.

කිලිකුණු මොනවාද සිංහල ශබ්දකෝෂ කිලි යන වචනය විස්තර කෙරෙන්නේ කිළුටු, සෘතුවීම, ඔසප් වීම, අපවිත‍්‍ර භාවය ආදී වශයෙනි. අලූත මල්වර වූ දැරියක සිටින ගෙදරද, දරු උපත සිදු වූ තැන ද, කිලි ගෙවල් වශයෙන් සලකනු ලැබේ. සමහරුන් එය විෂ බීජ වශයෙන් හැඳින්වීමට උත්සාහ කළ ද කිලි අහුවෙනවා යන්න ඊට වඩා තරමක් බරපතළ තත්ත්වයක් බව පෙනෙන්නේ කිල්ලට අසුන යන්ත‍්‍ර පුපුරා යෑම හා ගැලවී වැටීම වැනි දේ දක්නට ලැබෙන බැවිනි.

ශාන්තිකර්ම වලදී ජප කිරීමේ කටයුතු ආරම්භයේම කිලි හරන මන්ත‍්‍රයකින් ජීවං කළ කහ වතුර අවට ඉසිනු ලබන්නේ එම කටයුතු නිමාවන තුරු කිල්ලෙන් බේරා ගැනීමටය. කිල්ල බල පවත්වන කාලය පිළිබඳව ප‍්‍රත්‍ය ශතකයේ එන පහත සඳහන් ශ්ලෝකය මගින් විස්තර කෙරේ.

‘‘පුථමාර්ථව මනු දිනං –

පුසුතේ ති‍්‍රංශ මේවච

මෟත්‍යු දෝශං ති‍්‍රණි මාසං –

අන්‍යස්තු ස්නාන මේවච”

එනම් ප‍්‍රථම කෙල්ලිල්ල හෙවත් මල්වර කිල්ල දින 14කින් පසුව ද, දරු උපතක කිල්ල දින 30කින් පසුවද, මරණ කිල්ල මාස තුනකින් පසුවද, මසින් මස (ඔසප්) කිල්ල ස්නානය කළ දිනට පසුව ද නැති වන බව දත යුතුය.

කෙසේ නමුදු මළ ගෙවල් ආදී කිලි ඇතිගෙවල් වලදී කිලි ඇති තැන් වලට යන අයගේ තුවාල ඇත්නම් ඒවා පැසවන බවද, කුෂ්ඨ රෝග ආදිය වැඩි වන බවද පෙනේ. ඇසේ කාච සවි කිරීමට ශල්‍යකර්මයක් කර සුව වූ අයකු ද මළගෙදර ගිය විට නැවත අසාධ්‍ය වූ බව දක්නට ලැබුණි. අදාළ චාරිත‍්‍ර විධි නොඉක්මවා සකස් කර පැලඳ සිටි යන්ත‍්‍ර කිල්ලක් නිසා පුපුරා ගිය අවස්ථා බොහෝ විට දක්නට ලැබේ. මෙය අතර පැපොල , සරම්ප වැනි රෝගද කිල්ල නිසා බලවත් ලෙස අසාධ්‍ය වනු ඇත.

එහෙත් බෞද්ධ ශාන්තිකර්මවලදී කිල්ල එතරම් දුරට බලපාන බවක් නොපෙනේ. රතන සූත‍්‍ර දේශනාව කර ඇත්තේ විශාල මහනුවර තුන් බිය නිසා දහස් ගණනක් මරණයට පත් වී සිටි අවස්ථාවක ය. ඒ අනුව පිරිත් මගින් ජීවං කර බුද්ධ යන්ත‍්‍රවල ජලනන්දන, රතන, නවගුණ ආදී යන්ත‍්‍රවලට කිල්ලේ බලපෑම් බොහෝදුරට අඩු වනු ඇත.

කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්
KFC ගොඩනැගිල්ල
දෙවන මහල කෙලින් වීදිය, කෑගල්ල

advertistmentadvertistment
advertistmentadvertistment