කිළිනොච්චිය කරච්චි ප්‍රදේශයේ වල්ලුවර් ෆාම් හා නල්ලුවර් ෆාම් යන ප්‍රදේශ හරහා වැටී ඇති පාලම අධික වර්ෂාව හේතුවෙන් කැඩී යාම නිසා පාලමෙන් එගොඩ ගම්මාන දෙකක පවුල් 138 ක් කොටු වී සිටිති.
මෙසේ කැඩී ගොස් ඇත්තේ අලුත් වැඩියා කරමින් තිබූ පාලමකි.
පාලම කැඩී යාමත් සමගම දෙපස ජලය ගාලා ගොස් සෙසු මාර්ග ජලයෙන් යටවීම නිසා වල්ලුවර් ෆාම් හා නල්ලුවර් ෆාම් උරුප්පුලම් යන ප්‍රදේශවල ගමනගමනයට බාධා එල්ල වී තිබේ.
ජලය නිසා කොටු වී සිටින ජනතාව බේරා ගැනීම සදහා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය හා යුද හමුදාව මෙහෙයුම් කටයුතු ආරම්භ කොට තිබේ.
|