කිව් නගරය රුසියාවට අල්ලා ගැනීමට ඉඩ නොදෙන බව නගරාධිපති පවසයි: නගරයේ දැවැන්ත පිපිරීම් හතරක්  

565

දසතින් ප‍්‍රහාර එල්ල කරමින් යුක්රේනය ආක‍්‍රමණය කිරීම ඇරඹූ රුසියානු හමුදාවන් යුක්රේනයේ අගනුවර වන ‘කිව්’ නගරය අල්ලා ගැනීමට ආසන්න බව ඇතැම් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණ ද සිය රටේ අගනගරය රැුක ගැනීම සඳහා අනිවාර්යයෙන් සටන් වදින බව කිව් නගරයේ

නගරාධිපති විටාලි ක්ලිට්ස්ච්කෝ පවසා තිබේ. කෙසේ වුවද රුසියානු හමුදා ක‍්‍රමයෙන් කිව් නගරයේ බලය අල්ලා ගැනීම සඳහා ළං වෙමින් සිටින බව ඔහු විසින් පවසා තිබේ.

මේ අතර කිව් අගනගරයේ පෙරේදා (02දා) දිනයේ දැවැන්ත පිපිරීම් 04 ක් සිදුව ඇති අතර එම පිපිරීම්වලින් හටගත් ගිනි දැල් හේතුවෙන් නගරයේ අහස දැඩි සේ ආලෝකවත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එහෙත් මෙම පිපිරීම් කුමන ස්ථාන ඉලක්ක කරගෙන එල්ල කළේද හා ඉන් සිවිල් වැසියන් මිය ගියේද යන්න පිළිබඳව ඊයේ (03දා) දහවල් වන විට ද තහවුරු වී නොතිබිණි. කිව් නගරය යටත්

කරගැනීම සඳහා නගරය ආසන්නයටම පැමිණි දැවැන්ත රුසියානු හමුදා රථ පෙළකට ඉන්ධන හා ආහාර හිඟය හේතුවෙන් සිය ගමන නතර කිරීමට සිදු වූ බව ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් විසින් පවසා තිබේ. මේ අතර යුක්රේනයේ වරාය නගරයක් වන ‘මරියුපොල්’ නගරයට පැය ගණනක් මුළුල්ලේ එල්ල වූ ෂෙල් වෙඩි ප‍්‍රහාරයන් හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වී තිබේ. නගරයේ වීථිවල හා නිවෙස්වල තුවාල ලබා වැටී සිටින සිවිල් වැසියන් ප‍්‍රතිකාර සඳහා ගෙන යෑමට ද නොහැකි තත්ත්වයක් පවතින බව

නගරවැසියන් පවසා තිබේ. මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නගරයේ සිවිල් වැසියන්ට දැනුම් දී ඇත්තේ ‘හරිත කොරිඩෝව’ නමැති ස්ථානය හරහා නගරයෙන් පිටව යන ලෙසයි. මේ අතර මරියුපොල් නගරයේ සිටින රුසියානු ආධාර ලබන අන්තවාදී කණ්ඩායමක් පවසා ඇත්තේ නගරයේ සිටින යුක්රේන හමුදාවන් යටත් නොවන්නේ නම් වැදගත් ස්ථාන ඉලක්ක කරගෙන ප‍්‍රහාරයන් එල්ල කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment