ගෑස් සම්බන්ධයෙන් නිසි ප්‍රමිතියක් නීතිගත නොකිරීම මෙන්ම මෙතෙක් ගෑස් වෙළෙඳපොළ නිසි නියාමනයක් නොකිරීම විශාල අඩුපාඩුවක් බවත් එම තත්ත්වයන් ඉදිරියේදී නිවැරදි කර ගනිමින් අද මෙන් ගෑස් සිලින්ඩර පිපිරීම් වැනි ප්‍රශ්න නොවීමට කටයුතු කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29 දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
එහිදී රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් මෙසේද කීය.
ගෑස් සිලින්ඩර පිපිරීම් සම්බන්ධව රටේ විවිධ ස්ථානවලින් වාර්තාවුණා. ඒ පිළිබඳව ඉන්ටෙක් ආයතනයෙන් වාර්තා තුනක් ලබා ගත්තා. 2021 අපේ‍්‍රල් 22 දා පාරිභෝගික අධිකාරියෙන් නියැඳි ලබා ගෙන තමයි මේ පරීක්ෂණය කළේ. අපට මේ තොරතුරු හංගන්න කිසිම වුමවනාවක් නෑ. අපට අවශ්‍ය මේ තත්ත්වය නවත්වන්නයයි. 2015 සිට ලිට්රෝ සහ ලාෆ් මෙවැනි සිද්ධි 233 ක් වර්තා වෙලා තිබෙනවා. මේ කියන්නේ ඒක සාරධරණීය කරන්න නොවෙයි. නමුත් වර්තමානයේදී කෙටිකලක් තුළ මෙවැනි සිද්ධීන් සිදුවූ බව අපි පිළිගන්නවා.
මීට මාස කිහිපයකට පෙර ලිට්රෝ ගෑස් සමාගම ලීටර් 18ක සිලින්ඩරයක් හඳුන්වාදුන් අවස්ථාවේ ඒ සම්බන්ධව පිවර ගෙන එය තහනම් කළා. මේ ප්රශ්නයේදීත් අපි වැඩි අවධානයක් දැක්වූවා. රජයේ ආයතන විදිහට ගෑස් නියාමනය කිරීමට වගකීම් පැවරිලා තිබුණත් ගෑස් සම්බන්ධයෙන් වගකීම සියයට සියයක්ම ඉටු කරලා නෑ. අපේ රටේ ගෑස් සම්බන්ධ ප්‍රමිතිය සඳහන් කරද්දී ඩියුටේන් සහ ප්‍රොපේන් ගැන සඳහන් කරලා නෑ. පීඩනය ගැනයි සඳහන් කරලා තිබෙන්නේ.
ප්‍රමිති ආයතනයෙන් ප්‍රමිතිය ප්‍රකාශයට පත් කිරීම තමයි අපිට බලන්න තිබෙන එකම විමසුම.
මේ ප්‍රමිතිය වර්තමානයට ගැළපෙන පරිදි සංශෝදනය කළ යුතුයි. දැන් එය සිදුවීගෙන යනවා. සැප්තැම්බර් 16 දා ප්රමිතිය්් කෙටුම්පත ගැන ප්‍රසිද්ධ කළා. මේ ගැන අදහස් යෝජනා ඉදිරිපත් කරන්න කිව්වා. ඒ අනුව විද්වත් කමිටුව අද රැුස්වෙනවා. ගෑස් පිළිබඳ නිසි පරීක්ෂණයක් කරන්න අපේ රටේ පරීක්ෂණගාරයක් නෑ. අපි සෙනසුරාදා හවස ප්‍රතීතන මණ්ඩලයට කතා කරලා නියැඳි 12 ක් අරගෙන පරීක්ෂණ කරන්න ඛනිජ තෙල් සංස්ථාවට භාර දුන්නා.
ඒ වගේම මොරටුව විශ්වවිiාලයේ ආචාර්යවරුන් දෙදෙනෙක් මේ ගැන පර්යේෂණ කරනවා. ඒ අනුව මේ සම්බන්ධ වාර්තාවක් අපට ලැබීමට නියමිතයි. ගෑස් ප්රශ්නය පිළිබඳව අපට කියන්න වෙන්නේ ප්‍රොපේන් සහ බියුටේන් පිළිබඳ විශේෂඥයින් කියන කාරණා තමයි. අපට ජනාධිපතිතුමත් මේ ගැන ක්‍රියාකරන්න කියලා උපදෙස් දුන්නා. ගෑස් සම්බන්ධයෙන් නිසි නියාමනයක් සිදු නොවීම වරදක්. මේ වාගේ දේවල් යළි නොවීමට ගතහැකි පියවර ගන්නවා. උනන්දුවක් දක්වන අයගෙන් අදහස් ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.
මුජිබර් රහුමාන් මහතා – නමුත් ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය ගැන සඳහන් කරලා තිබෙනවා. සියයට 80 යි 20 යි කියලා අපේ‍්‍රල් මාසෙන් තමයි මේ සංයුතිය වෙනස් කරලා තිබෙන්නේ. මේ නිලධාරීන් මාධ්‍යවලට ඇවිත් බොරුකියන එක නවත්වන්න ඕනෑ.
ලසන්ත අලගිවන්න මහතා – මේ ප්රශ්නය විසඳගන්න අපි සූදානම්. අපේ නිලධාරීන් කවුරුවත් මේ දිනවල මාධ්‍ය ඉදිරියට ගියේ නෑ. ඒ සමාගම්වල අයයි තොරතුරු කියන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතා – මේ කාරණය කෝප් කමිටුව හමුවට ගේමු. ඒක තමයි හොඳ.
අකිත පෙරේරා – රනිල් ධර්මසේන