බස් නොමැතිව කිලෝ මීටර් ගණන් පාගමනින් ගමන් බිමන් යන මිනිසුන් සිටින මොණරාගල, පොලොන්නරුව, කුරුණෑගල ඇතුළු දුෂ්කර ප්‍රදේශවල ඇවිදින මංතීරු 52 ක් සැකසීම සඳහා ඉකුත් වසර දෙකේදී රුපියල් කෝටි එකසිය හැටකට අධික මුදල් කන්දරාවක් වැයකර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හෙළිකර සිටී.
යුද හමුදා සෙබළුන් යොදවා මෙම ඇවිදින මංතීරු ඉදිකර ඇති අතර බොහෝ ප්‍රදේශවල මංතීරු අසල සවිකර තිබූ සූර්ය පැනල කොටස් සොරුන් විසින් කඩාගෙන ගොස් ඇතැයි ද හෙතෙම කීය.
ඇතැම් ඇවිදින මංතීරු වැව් බැම්මේ පවා ඉදිකර ඇත.
නිසි ඇස්තමේන්තු පවා සකස් නොකර මෙම ඇවිදින මංතීරු ඉදිකර ඇත්තේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ඉල්ලීම් වලට අනුව වුවත් ඒවා නඩත්තු කිරීම, රැකබලාගැනීම ආදිය ඒ ඒ පළාත් පාලන ආයතන මගින් නිසි පරිදි සිදු නොකරන බව ද එම නිලධාරියා කීය.
මේ අතර අධිවේගී මාර්ග යට ඉදිකර තිබෙන ඇවිදින මංතීරු වසරකට හත් අට වතාවක් ජලයට යටව යන බව ද හෙතෙම පැවැසීය.
ශිරාන් රණසිංහ