කිළිනොච්චියේ ප්‍රාදේශීය මාධ්‍යවේදී අන්පුතම්බි නීර්සිංහම් නිපෝජන් නමැති අය කොළඹ දෙහිවල ප්‍රදේශයේදී දුම්රියෙන් ඇද වැටීම නිසා 30 දා මියගොස් තිබේ.
ඔහු සිය මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක් ගොස් ආපසු කිළිනොච්චියට පැමිණීමේ අපේක්ෂාවෙන් අනුරාධපුරය දක්වා ගමන් ගන්නා දුම්රියක නැග එමින් සිටියදී දෙහිවල ප්‍රදේශයේදී දුම්රියෙන් ඇද වැටී තිබේ.
මියගිය අයගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා කලුබෝවිල රෝහල වෙත පොලිසිය විසින් බාර දී ඇත. ඔහු දුම්රියෙන් ඇද වැටීමට පෙර ගන්නා ලද ඡායාරූප කීපයක් හා විනෝද චාරිකාවේ ඡායාරූප කීපයක් සිය මිතුරන් වෙත යවා ඇති අතර ඔහු දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටියදී ගන්නා ලද අවසන් ඡායාරූපයද ඒ අතර වෙයි.
පරීක්ෂණ කටයුතුවලින් පසුව දේහය කිළිනොච්චියට රැගෙන ඒමට මාධ්‍ය ආයතන කීපයක් හා නිපෝජන් ගේ ඥාතීන් පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ