කිළිනොච්චිය මුලතිව් සුදු මැස්සාගේ හානියෙන් පොල්ගස් විනාශයි

82

කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල පොල්ගස්වලට වැළඳී ඇති සුදු මැස්සාගේ හානිය දිනෙන් දිනම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමගම මේ වන විට එම පළාත්වල පොල් ගස් 10000 කට වඩා විනාශ වී ගොස් තිබේ.

මෙම රෝගය මර්දනය කිරීම පිණිස කොළඹ සිට විශේෂ කණ්ඩායමක් කිළිනොච්චිය ප්‍රදේශයට පැමිණ සිටින අතර ඔවුන් පවසන්නේ මේ දිනවල කිළිනොච්චිය හා මුලතිව් යන පළාත්වලට වැටෙන අව් රශ්මිය ඉතා තදබල නිසා සුදු මැස්සාගේ හානිය ක්ෂණිකව පාලනය කිරීමට නොහැකි වී ඇති බවයි.

කිළිනොච්චිය මුලතිව් සුදු මැස්සාගේ හානියෙන් පොල්ගස් විනාශයි

සුදුමැස්සාගේ හානියට ලක්වන පොල්ගස් පුරාම සුදු පැහැති කුඩු විශේෂයක් හට ගන්නා අතර ඒවා කොළ වල සිට මල් හා ගෙඩි වලටද ව්‍යාප්ත වෙයි.

මාස කීපයකට පසුව මුළු පොල් ගසම සුදු පැහැති කුඩෙන් වැසී යෑමට පටන් ගන්නා අතර ස්වල්ප දිනකට පසුව එම පොල්ගස් මැරී යෑමට පටන් ගනියි.

මේ පිළිබඳව කිළිනොච්චිය හා මුලතිව් පළත්වල ගොවීන් කෘෂිකර්ම නිලධාරීන්ට කළ පැමිණිලිවලින් පසුව එම නිලධාරීන් එම රෝගය මර්දනය කිරීමට පිලියම් යොදන ලද නමුත් එම පිලියම් සාර්ථක නොවීම නිසා කොළඹ සිට විශේෂඥයන් පිරිසක් එම දිස්ත්‍රික්ක දෙකේ පොල් වගාවට සිදුවන හානිය පරීක්ෂා කිරීමට පැමිණ සිටිති.

එම නිලධාරීන් පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සමග අදාළ ප්‍රදේශවල ක්ෂේත්‍රයට ගොස් ගොවීන් සමග සාකච්ඡා කොට ඔවුන්ට උපදෙස් හා ප්‍රතිකාර විධි සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment