ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට උපදෙස් ලබා දීම සඳහා පත්කර ඇති කි‍්‍රකට් උපදේශන මණ්ඩලයෙන් තමන් ඉවත් වන බවට රොෂාන් මහානාම මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඔහු මේ බව දන්වා ඇති බවට ‘දිවයින’ට වැඩිදුරටත් වාර්තා වේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට උපදෙස් ලබා දීම සඳහා කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත්කළ උපදේශන කමිටුවේ සභාපතිවරයා වශයෙන් අරවින්ද ද සිල්වා මහතා කටයුතු කරන අතර රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලැබීය.
කෙසේ වෙතත් සිය ඉවත්වීම පිළිබඳ අදහස් දක්වමින් එය තමාගේ පෞද්ගලික හේතුවක් මත ගත් තීරණයක් බවත් එය කිසිසේත්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෙත තමන් සේවය කිරීමට අකමැති නිසාවෙන් ගත් තීරණයක් ලෙස වැරදි වැටහීම් ඇතිකරගත යුතු කාරණයක් නොවන බවත් රොෂාන් මහානාම මහතා දන්වා සිටී.
කුෂාන් සුබසිංහ