එංගලන්තයේදී එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ විස්සයි විස්ස තරග 3 කටසහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඊයේ (09 දා* අලූයම දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට පවරා ඇති අතර ඇන්ජලෝ මැතිව්ස්. දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් යන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් මෙම කණ්ඩායමෙන් ද ඉවත් කර ඇත.
පසුගිය බංග්ලාදේශ සංචාරයෙන් ද එම ක‍්‍රීඩකයන් ඉවත් කර තිබූ අතර එම සංචාරයට සම්බන්ධ කර නොගත් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයකු ලෙස කණ්ඩායමට එකතු කරගෙන ඇත්තේ වේග බන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප් පමණි.
ක‍්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් යුතුව එංගලන්තය බලා ගිය කණ්ඩායමට නවක ක‍්‍රීඩකයන් වන චරිත් අසලංක, ධනංජය ලක්‍ෂාන් සහ ඉෂාන් ජයරත්න ඇතුළත් කර ඇති අතර බංග්ලාදේශ සංචාරයේදී කොවිඞ් ආසාදනය වූ ශිරාන් ප‍්‍රනාන්දු ද එක්ව සිටියි.
බංග්ලාදේශ සංචාරයට ඇතුළත් නොවූ එහෙත් බංග්ලාදේශයට එරෙහිව ශී‍්‍ර ලංකාවේදී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ වීරයා බවට පත් වූ ප‍්‍රවීන් ජයවික‍්‍රම ද එම කණ්ඩායමට ඇතුළත් කර ඇත. ආරම්භක පිතිකරුවන් වන ඕෂධ ප‍්‍රනාන්දු සහ අවිශ්ක ප‍්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත්ව ඇති අතර අවිශ්ක ප‍්‍රනාන්දුගේ ශාරීරික යෝග්‍යතාවය ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුගිය සංචාරය ඔහුට අහිමි විය.
පන්දුවාර 20 – 20 තරගවල නායකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට නම් කර තිබූ දසුන් ශානක ද මෙම සංචිතයේ සිටියදීම කුසල් ජනිත් පෙරේරාට පන්දුවාර 20 – 20 තරග නායකත්වය ද ලබා දී ඇත.ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත හෙයින් ඔවුන්ට සති දෙකකට ආසන්න කාලයක් පුහුණු කටයුතු කිරීම සඳහා අවස්ථාව උදා වී ඇත. මෙම තරගාවලිය 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන සුපර් ලීග් තරගාවලියට අදාළව පැවැත්වීමට නියමිත අතර ශ‍්‍රී ලංකාව එහි ශ්‍රේණිගත කිරීම්වල අවසන් ස්ථානයේ රැුඳී සිටින්නේ තරග 6 කට ක‍්‍රීඩා කර ලකුණු 8 ක් පමණක් ලබාගනිමිනි.
එංගලන්තය බලා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම
කුසල් පෙරේරා (නායක*, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප‍්‍රනාන්දු, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂද ප‍්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ශාන්, ඉශාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප‍්‍රනාන්දු, නුවන් ප‍්‍රදීප්, බිනුර ප‍්‍රනාන්දු, ශිරාන් ප‍්‍රනාන්දු, ලක්ශාන් සඳකැන්, අකිල ධනංජය, ප‍්‍රවීන් ජයවික‍්‍රම
|