කීර්තිනාමයට හානි කළැයි ප්‍රසන්න දයාසිරිගෙන් කෝටි 20 ක් වන්දි ඉල්ලයි

42

අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටි විස්සක වන්දි මුදලක් ඉල්ලා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත එන්තරවාසියක් යවා ඇත.

සිය නීතිඥවරිය මාර්ගයෙන් අමාත්‍යවරයා මෙම එන්තරවාසිය යවා තිබේ. තමන්ට ලැබුණු සුරා බලපත්‍රයක් ගම්පහ මාකේවිට ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියකුගේ නමට නිකුත් කර ඇති බවට දයාසිරි ජයසේකර මහතා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සිදුකළ සාවද්‍ය ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට හානි සිදුවූ බව පවසමින් මෙම වන්දි මුදල ඉල්ලා ඇත. අදාළ වන්දි මුදල දින 14 ක් ඇතුළත නොගෙවන්නේ නම් එම මුදල අයකර ගැනීම සඳහා නඩු පවරන බවද එහි සඳහන් කර තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment