කුඩ්ඩන්ගෙන් දියණිය බේරාගැනීමට පැමිණි පියාට සහ සහෝදරයාට පහර දීලා

183

අම්බලන්ගොඩ තල්ගස්ගොඩ ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ පිරිසක් විසින් පාරේ ගමන් කරමින් සිටි තරුණියකට අතවර කිරීමට සූදානම් වෙද්දී ඇයව බේරා ගැනීමට පැමිණි පියාට සහ සහෝදරයාට පහර දීම නිසා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඇය සේවය නිමකර පෙරේදා (10 වැනිදා) නිවෙසට ගමන් කරමින් සිටියදී ජංගම දුරකථනයකින් පිරිසක් වීඩියෝගත කර තිබේ. ඇය එයට විරුද්ධ වූ පසු අතවර කිරීමට සූදානම් වී ඇත. ඇය මේ බව දුරකථනයෙන් දැනුම් දීම නිසා එතැනට පැමිණි පියාට සහ සහෝදරයාට සහ තරුණියට මෙම තරුණ පිරිස පහර දී ඇතැයි අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.

පහර කෑමට ලක් වූ තරුණියද, හැට හැවිරිදි පියා සහ 33 හැවිරිදි සහෝදරයා ප්‍රතිකාර ලබා ගැනීමට බළපිටිය රෝහලට ඇතුළත් වී තිබේ.

දැනට මෙම පිරිස ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment