කුඩා සිතුල්පව්ව චෛත්‍යයේ නිධන් හෑරූ තවත් අයෙක් දැලේ… සෆාරි ජීප් රථයත් පොලිස් අත්අඩංගුවට

168

ඓතිහාසික සිතුල්පව්ව විහාරයට අයත් කුඩා සිතුල්පව්ව චෛත්‍ය කොන්ක‍්‍රීට් කපන යන්ත‍්‍රවලින් හාරා නිධන් ලබාගත් බව කියන සංවිධානාත්මක කල්ලියට අයත් තවත් සැකකරුවකු සහ ඔවුන් පැමිණි සෆාරි ජීප් රථය පොලිසිය මගින් ඊයේ (02දා* අත්අඩංගුවට ගෙන ඇත.

 මේ අතර මෙම නිධන් හැරීම මෙහෙයවූ සොත්ති රණා ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භකර ඇත.

 නිධන් හොරකමට පැමිණි සියලූ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ‍්‍රී දමින්ද මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් තුනක් කටයුතු කරමින් සිටිති.

 කුඩා සිතුල්පව්ව චෛත්‍යයේ ගර්භය කොටස කොන්ක‍්‍රීට් කපන මැෂින් යොදාගෙන කපා එහි තැන්පත් කර තිබූ බව කියන නිධන් ලබාගෙන ඇත්තේ පෙරේදා (01 දා* අලූයම් කාලයේදී ය.

නිධන් හොරුන් මෙම චෛත්‍ය හාරා ප්ලාස්ටර් ප ැ රිස් යොදා එම ස් ථානය නැවත පිළිසකර කර තිබූ බව ද පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment