විදේශගතව සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගොත අසංක නමැත්තාගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය අලෙවිකරුවකු හෙරොයින්, මුදල් සහ ජීව උණ්ඩ තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (05 දා) අත්අඩංගුවට ගෙන ඇත.
සපුගස්කන්ද, මාහේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට කළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.
එම ජාවාරම්කරු සතුව තිබී රුපියල් ලක්‍ෂ 7ක් වටිනා හෙරොයින්, විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 100ක්, රුපියල් ලක්‍ෂයක මුදල්, හෙරොයින් මනින ඉලෙට්‍රොනික් තරාදියක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන ඇත.
හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරු රටින් පලාගොස් සැඟවී සිටිමින් මෙරටට මත්ද්‍රව්‍ය තොග පිටින් එවන ගොත අසංකට අයත් හෙරොයින් රට පුරා බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරුවකු බව පොලිසිය පවසයි.
වැඩිදුර විමර්ශන සඳහා ජාවාරම්කරු සපුගස්කන්ද පොලිසිය වෙත භාරදී ඇත.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ආර්. සේනාධීර, සහකාර පොලිස් අධිකාරි ආර්. කේ. යූ. ඕ. ජයවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත ගෝනහේන කඳවුරේ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති එස්. ඩී. පී. එන්. දේශප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු