කුඩු සලිඳුගේ ගෝල පියුමා රිමාන්ඩ්

60

බැංකු ගිණුම් 5ක් පරීක්ෂාවට සී.අයි.ඩී.යට අවසර

විදේශගතව සිට මෙරට පාතාල කල්ලි මෙහෙයවීමත් මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සිදුකළේ යැයි චෝදනා එල්ල වී ඇති සලිඳු මල්ෂිත හෙවත් කුඩු සලිඳු නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු යැයි කියන හපුතන්ත්‍රිගේ දොන් පියුම් හස්තික හෙවත් පියුමා නමැත්තා ලබන සැප්තැම්බර් 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (21දා) නියෝග කළේය.

එම සැකකරුගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් පහක් පරීක්ෂා කිරීමට ද වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට අවසර ලබා දුන්නේය.

පියුමා නමැති සැකකරුව දුටු තැන අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කොට තිබියදී ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබූ අතර 2024.02.15 වැනිදා කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කොට විමර්ශන පවත්වා තිබිණි.

සිය සේවාදායකයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන කිසිදු චෝදනාවක් නොමැති බැවින් ඔහු ඇපමත මුදාහරින ලෙස නීතිඥ ඉවෝන් නිශාරා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට දැඩි ලෙස විරුද්ධත්වය දැක්විය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment