කුණුමාළු කන්ටේනර් 98ක්  පොහොර නිෂ්පාදනයට

112

කන්ටේනර් 98 ක තිබූ කුණු මාළු තොගයක් පොහොර නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශයෙන් අවසරය ලබාගත් බව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ජයසිරි මහතා ‘දිවයින’ට පැවැසීය.

මෙම මාළු යන්ත්‍රානුකූලව තම්බා අඹරා වේලා මෙසේ පොහොර ලෙස යොදාගන්නා බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් පෑලියගොඩ පොලිසිය මගින් මෑතකදී සොයාගත් කුණු මාළු කිලෝ විසිපහක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ලබාගන්නා තෙක් පොහොර සඳහා යොදාගැනීමට ක්‍රියා නොකළ බවද කන්ටේනර් 98 ක අඩංගු කුණුමාළු පොහොර නිෂ්පාදනය සඳහා මෙතෙක් තම සංගමයට ලැබී නැතැයි ද හෙතෙම පැවැසීය.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment