කුරුවිට අනතුරුන් 12ක් රෝහලේ

271


කුරුවිට, පුස්සැල්ල හා ගලහිටිය අතර ප්‍රදේශයේ කොළඹ-රත්නපුර මහා මාර්ගයේ සිදුවූ බස්රථ අනතුරකින් විස්සකට අධික පිරිසක් තුවාල ලබා ඇත.

තුවාල කරුවන් ඇහැලියගොඩ මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මූලික රෝහලට හා රත්නපුර මහා රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු යෙදූ බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය්‍යගභගඵගඡග කුමාරී මහත්මිය දිවයිනට පැවසීය.
මේ අනුව රත්නපුර මහා රෝහලට තුවාලකරුවන් දහයක් ද අවිස්සාවේල්ල මූලික රෝහලට තුවාල කරු වන් දොලහක් ද ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

ඇහැලියගොඩ රෝහලේ ද තුවාල කරුවන් ප්‍රතිකාර ලබමින්සිටී.

මෙසේ තුවාල ලැබූ පිරිස අතර එම අවස් ථාවේ මාර්ගයේ ගමන් කල කාන්තාවන් දෙදෙ නෙකුද අනතුර සිදුකල බස් රථයේ ගමන් කල මගීන් විස්සක් පමණද වේ.
තුවාල ලත් කාන්තාවක ගේ තත්වය බරපතල’ බව රෝහල් ආරංව් මාර්ග පවසයි.
රක්වානේ සිට කොළඹ බලා ගමන් කල ල පෞද්ගලික බස් රථයක් පුස්සැල්ල ග්‍රාම සංවර්ධන මධ්‍යස්ථානය ඉදිරිපිට සල්ගහ ආසන්නයේ දී මහ මග ගමන් කරමින් සිටි.
කාන්තාවන් දෙදෙනෙකුද යට කරමින් නවතා තිබූ යතුරු පැදි දෙකක ද ගැටී ලඉදිරියෙන් නවතා තිබු කුඩා මගී ප්‍රවාහන බස් රථයකද ගැටී ඇත.
කුඩා බස් රථය ඉදිරියේ නවතා තිබූ යතුරු පැදියක් එම බස් රථයට යටවී හිරවී ඇතත් එහි පැමිණි අය මොහොතකට පෙර යතුරු පැදියෙන් ඉවත් වී සිටි නිසා ඔහුට අනතුරක් සිදුවී නැත.
අනතුර සිදුකල පෞද්ගලික බස් රථයේ රියදුරු එම අවස්ථාවේ එම ස්ථානයෙන් පලාගොස් ඇති බව වාර්ථාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment