කුලපති පදවියෙන් පිදුම් ලද අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණෝ….

90

‘‘මනසි වචසි කායෙ
 පුණ්‍යපීයූෂ පූර්ණාස්
 ති‍්‍රභුවන මුප කාරඃ
 ශ්‍රේණිභිඃ ප‍්‍රීනයන්තඃ
 පරගුණ පරමානුන්
 පාර්වතී කෘත්‍ය නිත්‍යං
 නිජහෘදි විකසන්තඃ
 සන්ති සන්තඃ කියන්තඃ’’

 ‘‘පරමාණුමාත‍්‍ර පමණවූ අනුන්ගේ ගුණ පර්වත මෙන් සලකන නිරතුරු තම හදවත්හි සලසන සුදනෝ කොතෙක් (ලොව) ඇත්ද ’’

 ඉහත කී සකු පැදිය නොබෝදා කැලණි සරසවියෙහි කුලපති පදවියෙන් පිදුම් ලද අතිගෞරවණීය අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ දිවිමග අරඹයා ලියන ලද පෙරවදනක් වැන්න. වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම පඬිවරයකු තුළ, ආදර්ශමත් යතිවරයකු තුළ, විහාරාධිපතිවරයකු තුළ, නිසඟයෙන් පිහිටිය යුතු ගුණ සමුදායකින් දිවිමග මල්ඵල ගැන්වූ උන්වහන්සේ බෞද්ධ ලෝකයාගේම අත්‍යන්ත ගෞරවාදරයට පාත‍්‍රවූ පින්බිමෙක නියමුවාණන් සේ වරම් ලබන්නට ලබා ඇති පුණ්‍ය මහිමය අතිමහත්යැයි හ`ගිමි.

 වත්මන් යුගයෙහි දකින්නට අසන්නට ලැබෙන තනතුරු ප‍්‍රධානයන් අතර අප නාහිමියන් ලැබූ මේ පදවි ප‍්‍රාප්තිය සහශ‍්‍ර සංඛ්‍යාත පොදු බැතිමතුන්ගේ සහ විද්වතුන්ගේ ඉමහත් අමන්දානන්දයට පාත‍්‍ර වන්නකි. තනතුරු ප‍්‍රදානය බුදුන් වහන්සේටවත් එතරම් සුඛනම්‍ය වූවක් නොවන බව අගසවු තනතුරු බෙදාහදා දීමේදී උන්වහන්සේ පවා ලැබූ ඇනුම් බැනුම්වල තරම මහාවග්ගපාලියෙහි සටහන් වී තිබේ.

 පැවිදි දිවිය කෙතරම් අසීරු දිවිපෙවෙතක්ද යන වග බුදුපියාණන් වහන්සේ දෙසා වදාළ මහාගෝසිංහ වැනි සූත‍්‍ර ධර්මවලින් ප‍්‍රකටය. භික්‍ෂු ජීවිතයක් අලංකාරවත් වන්නේ කීර්ති ප‍්‍රශංසා, මිල මුදල්, ඉඩකඩම්, සුවිසල් මන්දිර නිසා නොවන බව මහා ගෝසිංහ සූත‍්‍රය වැනි සූත‍්‍ර ධර්මවල තවදුරටත් සටහන් වී තිබේ. උතුම් පැවිදි ජීවිතයක් වඩාත් අලංකාරවත් වන්නේ ඉවසීම, දයාව, කරුණාව, තපෝගුණය, පරිත්‍යාගශීලීත්වය, අපිස් දිවිපැවැත්ම වැනි ගුණාංග නිසා මෙන් බව තවද මහාගෝසිංහ සූත‍්‍රයෙහි නිර්දේශිතය.

 ඉහත කී සූත‍්‍ර ධර්ම මහා සිහිනුවණින් විමසංනය කිරීමේදී මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ දිවි මගෙහි සළකුණු අතර එකී ගුණ පෑදී පෑදී විසිරී තිබෙනු දැකිය හැකිය. නැණ නුවණින් හා තපෝගුණයෙන් සපිරි සඟරුවණක් කැලණි සරසවිය වැනි විදුබිමක කුලපති ධුරයට තෝරාපත්කිරීම පිළිබ`දව ජනාධිපතිතුමන්ටද පළමුව අපේ ආශිංසනය පුදකළ යුතුය. එය අනාගතයේදීද මෙවැනි පදවි ප‍්‍රාප්ති සිහිනුවනින් වගවිභාග කොට බලාම ඒවා තිරසාර අයුරින් සිදුකරන්නට කොයිකාටත් මහඟු පූර්වාදර්ශයක් වනු ඇත.

 කැලණි පුරවරය බුදුසිරිපා පහස ලත් මහා පුදබිමකි. බුදුදහමේ සිසිලස අපට ලැබුනේ බුදුන් ජීවමාන දවසමය. රාජ්‍ය අනුග‍්‍රහය ලබා එය වඩ වඩාත් අප සිරිලක් බිමෙහි ස්ථාපිත කරන ලද්දේ අනුබුදු මිහි`දු හිමියන් විසින් බව ඓතිහාසික පුරාවිiාත්මක සාධක මගින් තිරවෙයි. කැලණි රජමහා විහාරය සකල ලෝකවාසීන්ගේම ගෞරවාදරයට පාත‍්‍රවෙමින් ලොව්තුරා බුදුන් දැනුදු සජීවත්ව වැඩසිටින පිං බිමක් මෙන් රැුකබලාගැනීම ඥානාන්විතව කළ යුත්තකි. එකී කාර්යභාරය ජනතාවගේම අමන්දානන්දයට හේතුවන්නකි. එයින් බෞද්ධ ලෝකයා ලබන සතුට වචනාතික්ක‍්‍රාන්තය. මේ සද්කාර්යය සපුරා ගනුවස් නාහිමියන් ගන්නා වෙහෙස අසීමිතය. ඒ ස`දහා අවශ්‍ය සෑම සුදුසුකමක්ම නොඅඩුව උන්වහන්සේ තුළ විiාමනය.

 අන්හැම සුදුසුකමකට හැකියාවකටම වඩා අප මෙහිදී අගයන්නේ උන්වහන්සේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළ ලබා ඇති විජයග‍්‍රහණයන් බව අමතක නොකළ යුත්තකි.

 ධර්මවිනය, භාෂා ශාස්ත‍්‍ර හා සාහිත්‍ය කලාශිල්ප අරබයා උන්වහන්සේ වියතෙකු වීම ඒ තුළින් ලබා ඇති ජීවිත පරිඥානය හැම අතින්ම අගය කළ යුත්තකි.

 බෝධිසත්ව ගුණෝපේත රත්මලානේ ශ‍්‍රී ධර්මලෝක, රත්මලානේ ශ‍්‍රී ධර්මරාමා, කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර, යක්කඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාරාම, නාත්තන්ඩියේ ශ‍්‍රී පඤ්ඤාකර, වැලිමිටියාවේ කුසලධම්ම වැනි සාර්වභෞම යතිවරයන් වහන්සේලා විසින් දිවිහිමියෙන් ගොඩන`ගා දැයට දායාද කළ විiාලංකාර මහා විiාපීඨය පසුව සරසවි බිමක් බවට ගොඩන`ගාලූ ඉහත කී මහා යුගපුරුෂ මහෝත්මයාණන් වහන්සේලා සිදුකළ යුග මෙහෙවර ඉදිරියට ගෙනයෑමටත් එකී ශ‍්‍රී නාමය ජාත්‍යන්තර සරසවි බිම් පියසෙහි වඩා වඩාත් ඔපවත් කරන්නටත් මග හෙළිපෙහෙළි කරන්නට ඔබවහන්සේට දිරිය සවිය එක සේ ලැබේවායි ඉතසිතින් ප‍්‍රාර්ථනා කරන අතර මිනිස්වගට නිගා දෙමින් මිනිසුන් විසින්ම අටවාගත් ජාති, කුල, ආගම්, පක්‍ෂ, වර්ණ භේද සියලූ වැට කඩොළු බාධක සීමා අභිබවා යන විපුල මානව මෙහෙවරක් ඉටුකිරීමට අප නාහිමියන්ට මේ සම්භාවණීය පදවිය පිටුවහලක් වනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.

 සුඛී දීඝා – යුකෝ භව!

 අග්ගමහා සද්ධම්මජෝතික ධජ,
 ආචාර්ය වල්පොල  විමලඥාණ අනුනාහිමි
 ගංගාරාම මහා විහාරය,
 පෑලියගොඩ.

advertistmentadvertistment
advertistmentadvertistment