කුලියාපිටියේ තරුණයාගේ ඝාතනයට:සිඟිතිගේ දියණිය රිමාන්ඩ්

404

සුසිත් ඝාතනයට හේතුව ලෙසින් කියැවෙන සිඟිති නමැත්තාගේ ගැබිනියක යැයි කියන දියණිය මේ මස 27 වැනිදා වනතුරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා ඊයේ නියම කළේය.

කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ වෛiවරයා වෙත ඉදිරිපත් කොට කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබියදී වාට්ටු සංකීර්ණය වෙත ගිය මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය ලබාදී තිබිණ.

එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ විවෘත අධිකරණයේදී සුසිත් ඝාතනයේ සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සිඟිති ඇතුළු සැකකරුවන් මේ මස 27 දක්වා යළිත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නැයි ද කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා ඊයේ (13දා) නියම කළේය. සැකකරුවන් අතුරින් පළමු හා අටවැනි සැකකරුවන් වෙනුවෙන් ඉල්ලීම් සිදු කළ සැකකරුවන්ගේ නීතිඥ මහත්මිය කියා සිටියේ පළමු සැකකරුට ප්‍රතිකාර අවශ්‍ය බවයි. ඔහුට ඒ සඳහා අවසර ලබාදෙන ලෙසට බන්ධනාගාරයට නියෝගයක් නිකුත් කරන ලෙසට හා 8 වැනි සැකකරුට අධිකරණ වෛiවරයා හමුවට අවසර ලබාදෙන ලෙසට ඉල්ලා සිටියාය.

මෙහිදී එසේ රිමාන්ඩ් ගතකොට සිටි සිඟිති හා ඔහුගේ බිරිඳ ඇතුළු 1 සිට 8 දක්වා සැකකරුවන්ට අමතරව පොලිසිය ඉල්ලා සිටියේ 9 වැනි සැකකරු ලෙසින් සිඟිතිගේ රෝහල් ගතව ඇති දියණිය නම් කරගන්නා ලෙසයි.

මෙම ඝාතන සිද්ධියට පෙර සුසිත් නමැත්තා අතුරුදන් වූ බව කියන දිනයේ සිඟිතිගේ දියණිය සුසිත් නමැත්තාව දුරකථනයෙන් අමතා කැඳවා ඇති බවට දුරකථන වාර්තා අනුව තහවුරු වන බැවින් එසේ එම සැකකාරිය මෙම නඩුවට 9 වැනි සැකකරු ලෙසින් ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලීම් කළහ. ඉදිරිපත් වූ සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරයා එහිදී නීතිඥවරියගේ ඉල්ලීමට අවසර ලබාදෙමින් සැකකරුවන් 9 දෙනාම රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නැයි නියෝග කළේය.

කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයසංඛ පතිරාජ, පොලිස් පරීක්‍ෂක නීතිඥ රත්නායක, සැරයන් සෝමවීර (35170) සැරයන් කොස්වත්ත (33892) යන නිලධාරීන් පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ හෂිනි මෙන්ඩිස් මහත්මිය 1 සිට 8 දක්වා සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වීය.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment