කුලී වැඩකට ගොස් නිවසට එද්දී – හිසට පොලූ පහරදී බිම වැටුණු පසු පාපැදියත් මුදලූත් පැහැරගෙන

169

* පැමිණිල්ලක් නැති නිසා සැකකරුවන් අල්ලන්න බැරිලූ

රැකියාවක් නොමැතිකම නිසා කම්බි ගැසීමේ කුලී වැඩකට ගොස් තම පාපැදියෙන් මහ ? ආපසු එමින් සිටි අයෙකුට මහමග සිටි පුද්ගලයෙක් පොල්ලකින් හිසට පහරදී ඔහු බිම වැටුණු විගස එම පාපැදියත් කමිස සාක්කුවේ තිබූ මුදලූත් රැුගෙන පළා ගොස් ඇත.

කොස්වත්ත පොලිස් වසමට අයත් බෝතලේගම පිහිටි කොහුමෝලක කම්කරු සේවයේ නිරත අයෙකු වන මොහු මේ දිනවල මෝලේ වැඩ සිදු නොවන නිසා කුලී වැඩක් ස`දහා බණ්ඩිරිප්පුව ප‍්‍රදේශයේ වත්තක කම්බි ගැසීමට ගොස් ඇත. වැඩ නිමවී තම පාපැදියෙන් ආපසු එමින් සිටියදී ලූණුවිල සිරිගම්පල පන්සල අසලදී අ`දුරේම යම් පුද්ගලයෙක් පොල්ලකින් වැරෙන් හිසට පහරදීමෙන් ඔහු බිම ඇද වැටෙත්ම පාපැදියත් කමිස සාක්කුවේ තිබූ රු.2200/-ක මුදලත් පැහැරගෙන ගොස් තිබේ.

ජෝශප් රුදි‍්‍රගු නමැති 62 හැවිරිදි මොහුගේ හිසින් අධික ලෙස ලේ ගැලීම නිසා හැද සිටි කමිසයද ලේවලින් තෙත්වී තිබුණි.

පොලිසියට යාමටවත් ශක්තියක් නොමැතිව හිසට බෙහෙත් බැ`දගෙන නිවසට වී සිටින අතර සැකකරුවන් අත්අඩංගුවට ගැී්මට නොහැකිව ඇත්තේ පොලිසියට මෙතෙක් පැමිණිල්ලක් කර නොමැති නිසා බව කොස්වත්ත පොලිසිය කියයි.

කිරිමැටියාන-ඇන්ටනි රෝස්
 

advertistmentadvertistment
advertistmentadvertistment