කුසල්ට වීසා ලැබෙයි

335

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ඇතුළු වීම සඳහා වීසා ලැබී ඇති බව වාර්තා වේ.

කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුට වීසා ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග ඇමෙරිකාව බලා පිටත්වීමට නොහැකි වූ අතර අසිත ප්‍රනාන්දුට මීට දින කිහිපයකට පෙර වීසා ලැබී තිබුණි.

ඒ අනුව ලෝක කුසලාන විස්සයි-20 තරගාවලියට එක්වීමේ බලාපොරොත්තුවෙන් කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු ඉදිරි දින කිහිපය තුළ ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 15 වැනිදා ඇමෙරිකාව බලා පිටත්ව ගිය අතර ඔවුහු මේ වන විටත් එරටදී පුහුණුවීම්වල නිරත වෙමින් සිටිති.

කුෂාන් සුබසිංහ


advertistmentadvertistment