කුළුඳුලේ ලැබෙන්නේ දුවෙක්ද පුතෙක්ද හරියටම දැනගන්න

132

යුගදිවියට පිවිසි නව යොවුන් ලඳක් දරු සම්පත ගැන දැඩි උනන්දුවක් දක්වයි. තමන්ට පළමුව ලැබෙන්නේ ගැහැනු දරුවෙක් ද පිරිමි දරුවෙක් ද යන බව දැනගැනීමට දක්වන්නේ නොමද ආශාවක්. අලුත විවාහ වූ කාන්තාවකට කුළුඳුලේ ලැබෙන්නේ පුතෙක් ද දුවෙක් ද යන වග විමසා බැලීම කාලෝචිතය.

පළමු දරුවා ගැහැනු දරුවෙක් වීම වාසනාවන්ත යැයි මතයක් තිබේ. පළමු දරුවා දියණියක වීම එම පවුලට සෞභාග්‍ය උදාවීමක් ලෙස විශ්වාසයක් පවතී. මෙහි ඇති ගුප්ත යථාර්ථය කෙසේ වුවත් ප්‍රායෝගික වශයෙන් එහි සත්‍යතාවක් ඇති බව පෙනී යයි. වැඩිමලා දරුවකු වූවිට පවුලේ බාල දරුවන් හදා වඩා ගැනීමේ දී දියණියගෙන් මවට ලැබුණේ නොමද සහයකි. එමෙන්ම ගේ දොර වැඩ කටයුතුවලදී ඉව්ම් පිහුම්වලදී නිවස අලංකාරව තබාගැනීමේදී ආදී කරුණු වශයෙන් වැඩිමල් දරුවා ගෑනු දරුවෙක් වීම විශාල දායකත්වයකට සහභාගී වේ.

ජන්ම කේන්දරයේ පස්වන භාවයේ චන්ද්‍රයා සිටීනම් එම ජන්මියාට ලැබෙන පළමු දරුවා බොහෝවිට පිරිමි දරුවෙකි.

සිකුරු 5 පළමු භාවයේ සිටීනම් ගැහැනු දරුවකු යන බව කිව හැකිය. පස්වන භාවය චන්ද්‍රයා සහ සිකුරු සංයෝගව සිටිය දී එකොළොස් වන භාවයේ රවී කුජ ශාන,ි රාහු, කේතු වැනි පාප ග්‍රහයෝ සිටීනම් බොහෝවිට ප්‍රථමයෙන් ලැබෙන්නේ ගැහැනු දරුවෙකි. සිකුරු පස්වෙනි භාවයේ සිටිනවිට පළමුව ලැබෙන දියණිය ඉතා ලස්සනය. පස්වෙනි භාවය කේතු සිටීම දරුඵල හීන කිරීමකි. නමුත් එය පළමු දරුවා දියණියක් වීමට ද හේතුවකි. ජන්ම කේන්දරයේ පස්වෙනි භාවය අධිපති ග්‍රහයා ස්ථීර රාශියක හා ස්ත්‍රී නවංශකයක සිටීනම් එය ද පළමු දරුවා දියණියක් වීමට හේතු වේ.

කුළුඳුලේ පිරිමි දරුවකු ලැබීම බොහෝ දෙමව්පියන්ට දැඩි සතුටක් දනවන්නකි. ගර්භිණී මව පරීක්ෂා කරන වෛද්‍යවරයා ඔබට මෙවර පුතෙක් ලැබෙන්න පුළුවන් යැයි පැවසූවිට එම මව අතිශය ප්‍රීතියට පත් වෙනුවෙන් තමාට නුදුරු දිනකදී වටිනා මැණික් කැටයක් හමුවීම වැනි සතුටකි. බිරිඳට දරුවා ලැබෙන තුරු ප්‍රසූතිකාගාරයේ දොර ළඟ රැදෙන පියා සතුටු වන්නේ රටක් රාජ්‍යයක් දිනාගත් රජෙකු මෙනි.

එනමුත් ජ්‍යොතිෂයට අනුව පළමු දරුවා පිරිමි දරුවකු වීම එතරම් ගුණ නැත. බොහෝ දුරට පළමු දරුවා පිරිමි දරුවකු වී අපල ඇතිවන බැවින්ය. කේන්දරයේ පස්වන භාවය කුජ සිටීම පළමුව පිරිමි දරුවකු ලැබීම හේතුවිය හැකි නමුත් දරුවාගේ ජීවිතයට විවිධාකාර අනතුරුවලින් අවධානම් තත්ත්වයක් පවතී. දරුවා ඉගෙනීම කඩාකප්පල් කර ගතහැකිය. දෙමාපියන්ට අකීකරු වේ. ගුරු ජ්‍යොතිෂය හඳුන්වනු ලබන්නේ පුත්‍රකාරක ග්‍රහයා වශයෙනි. ගුරු පස්වෙනි භාවයේ සිටිනවිට ජන්මියාගේ පළමු දරුවා බොහෝවිට පුතකුවේ. නමුත් එම පුත්‍රයාට අපල ඇති කරයි. රාහු පස්වන භාවයේ සිටිනවිට වැඩිමල් දරුවා පිරිමි දරුවකු වියහැකි නමුත් බාල කාලයේදී දරුවාට තදබල අපල ඇති කරයි..

සමහරුන්ට පළමුව නිවුන් දරුවන් ලැබීමට ද හැකිය. එසේ නිවුන් දරුවන් ලැබෙන යෝග කීපයක් මෙසේය. ජන්ම කේන්දරේ නවවෙනි භාවයට අධිපති පස්වන භාවයේ සිටිය දී ශනි නවවෙනි භාවයේ සිටීනම් නිවුන් දරු උපතක් වෙය.ි පස්වෙනි භාවය අධිපති ග්‍රහයා මිථුන, කන්‍යා ද මීන යන රාශියක හා එම නවාංශයක සිටීනම් එය නිවුන් දරුවන් ලැබෙන යෝගයක් බව කිවයුතුය.

පස්වෙනිභාවය හෝ එකොළහ වන භාවය කන්‍යා, ධනු, මීන යන උබය රාශියක්වී එහි බුධ සිටීම ද පළමු දරු ප්‍රසූදියේදී නිවුන් දරුවන් ලැබීමට හේතුවන යෝගයකි. විවාහ වී අවුරුදු ගාණක් ගතවුවත් දරුවන් නොමැති අඹුසැමියන් සිටිති. එවිට සමහරුන් කරනු ලබන්නේ දරුවකු අරන් හදා ගැනීමයි. එලෙස දරුවන් අරන් හදා ගන්නාවිට දරුවන් නැතිව සිටි සමහර බිරියන් ගැබ් ගන්නා බවද ප්‍රකට කරුණකි. එයට හේතුව මානසික හෝ ගුප්තම ප්‍රතික්‍රියාවක් වීමට ද හැකිය. කෙසේ වුවත් දරුවන් හදා ගැනීම සිදුවන යෝගයක් කේන්දර බලා ගතහැකිය. යම් කේන්දරේ පස්වෙනි භාවයේ චන්ද්‍රයා බුධ සහ ශනි එකට සිත් යෝග වී සිටීනම් දරුවකු අරන් හදා ගැනීමට සිදුවේ.

ස්ත්‍රී කේන්දරයේ පස්වෙනි භාවයේ රාහු සිටිනවිට දරුවකු අරන් හදා ගැනීමේ අවස්ථාවක් උදාවිය හැක. එම රාහු ගුරුට පෙනේනම් දරුවකු අරන් හද ගැනීමෙන් පසු කාලයකදී එම එකාන්තාව ගැබ් ගැනීමට ඉඩ ඇත.

කුළුඳුලේ ලැබෙන්නේ දුවෙක්ද පුතෙක්ද හරියටම දැනගන්න

ජ්‍යොතිෂවේදිනී
මුළු දිවයිනටම සාම විනිසුරු
ඉන්දියානු උපාධිධාරී,
නිරංජලා ප්‍රියංගනී (පුත්තලම)
076 570 1742

advertistmentadvertistment
advertistmentadvertistment