කූරගල පුදබිමේ මහ සෑයේ වැඩ නිමාවට පත් වෙයි

270

ඓතිහාසික කූරගල පුදබිමේ ඉදිවෙන මහ සෑ මලුවේ අවසන් ගඩොලද බැඳ එහි වැඩ චාරිත්‍රනුකුලව නිම කිරීම පෙරේදා (03දා) සිදු කෙරුණි.

සබරගමු පළාතේ ඉදිකෙරෙන විශාලතම චෛත්‍යද මෙයයි. කූරගල විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා මත මෙම මහා සෑය ඉදිකෙරුණි. ඓතිහාසික වටිනාකමක් ඇති කූරගල රජමහා විහාරය මේවනවිට නැවත බෞද්ධ ජනතාවගේත් මුලුමහත් ලෝකයාගේත් ගෞරවාදරයට පත්වෙමින් පවතින බව කූරගල ඉදිකිරීම් සඳහා නායකත්වය ලබාදෙන වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පැවසූහ.

කුරගල මහා සෑය අඩි 130 කින් යුතු ගඩොල් කැට ලක්ෂ 17 කින් සුසැදි මහා සෑයක්. මහා සෑයේ අවසන් කඩොලද අද බැඳ නිම කර තිබෙනවා. ඇත්තටම කූරගල මේ මහා සෑයේ තියෙන්නේ නිකම්ම නිකම් ගඩොල් ගොඩක් නොවෙයි. මේ පුංචි රටේ උරුමයට ආදරය කරන මිනිසුන්ගේ ශක්තිය සසුනට ආදරය කරන මිනිසුන්ගේ ශක්තිය බුදු රාජණන් වහන්සේට ගෞරව කරන අයගේ බුද්ධ ගෞරවයි. හැමෝටම ගොඩාක් ස්තුතියි. පිං ප්‍රාර්ථනා කරන බව වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පැවසුහ.

කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment