කෘෂිකර්මයට ලැබුණු ඩොලර් මිලියන 800කට වෙච්චි දෙයක් නෑ – ගොවිජන එකමුතුවේ සභාපති

98

රටේ කෘෂිකර්මය සංවර්ධනය කිරීම සඳහා 2018 වර්ෂයේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශයට ප්‍රදාන ලෙස ලැබුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 800කට වෙච්ච දෙයක් සොයාගන්නට නැතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ‘දිවයින’ට ඊයේ (07දා) පැවසීය.

මෙම මුදල්වලින් කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම කෙසේ වෙතත් කෘෂි නව්‍යකරණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා බදුල්ල සහ මොනරාගල ඉඩම් ලබාගෙන දොඩම් වගාව සිදුකරන බවට තොරතුරු ලැබී තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සමග එක්ව තොරතුරු ලබාගෙන ඉදිරි පියවර ගැනීමට තම සංගමය කටයුතු කරමින් සිටින බවත් තෙන්නකෝන් මහතා කීය.

රටේ බීජ සම්පත නැතිකිරීමට බහු ජාතික සමාගම් සමග එක්ව කටයුතු කළ නිලධාරීන් මෙන්ම අවංකවම කටයුතු කළ නිලධාරීන්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන්ද ඉදිරියේදී හෙළි කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා


advertistmentadvertistment