ඇතිව තිබෙන අර්බුද හේතුවෙන් ගොවීන් පහර දිය හැකි යැයි බියට පත්ව ඇති වත්මන් ආණ්ඩුව කන්න රැස්වීමක්වත් පවත්වන්නේ නැතැයි මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.
මහ කන්නය දැනටමත් ආරම්භ වී ඇති නමුත්, ලංකාවේ ගොවි බිම්වලින් භාගයකවත් තවම කන්න
රැුස්වීම් පවත්වා නැතැයි ද මන්තී‍්‍රවරිය සඳහන් කළාය. පසුගියදා රත්තොට දී පැවති ගොවි සංවිධාන රැස්වීමක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී රෝහිණී කවිරත්න මහත්මිය මෙසේද කීවාය.
මහා පරිමාණ වාරි කර්මාන්තවල කන්න රැුස්වීම ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්විය යුතුයි. කුඩා රැුස්වීම් පැවැත්වීමේ පිළිගත් ක‍්‍රමවේදයක්, සම්ප‍්‍රදායක් තියෙනවා. මහ කන්නයේ කන්න රැුස්වීම්වලින් භාගයක්වත් තවම පවත්තලා නෑ. ආණ්ඩුවේ තීරණ නිසා, රාජ්‍ය නිලධාරීන් ගොවීන් ළඟට යන්න බයයි. බඩ ඉරිඟු වගාවට පොහොර දෙනවා කියලා රාජ්‍ය ඇමැති කෙනෙක් ඊයේ කියලා තිබුණා. ඒ ඇමැති දන්නේ නෑ බඩ ඉරිඟු වගාවට පොහොරවලට කලින් වල් නාශක ඕන කියලා.
කෘෂිකර්මයට සම්බන්ධ ඇමැතිවරු 9 දෙනෙක් ඉන්නවා. ඒ කාටවත් ගොවියෝ අතරට ගිහින් රැුස්වීමක් තියන්න බෑ. දැන් මේ අය වගා කරන්නේ මහ පොළොවේ නෙවෙයි, අන්තර් ජාලයේ. දේශපාලකයෝ විතරක් නෙවෙයි, රාජ්‍ය නිලධාරීන්ටවත් ගොවියෝ ළඟට යන්න බෑ. හැම කන්න රැුස්වීමක්ම අවසන් වුණේ ආරවුලකින්. ආණ්ඩුවේ වැරදිවලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට.
දැනට වගා කරලා තියෙන බිම්වලට අවශ්‍ය කෘෂි රසායන ටික දෙන්නේ නැතිව ගමක ගොවි රැුස්වීමක් තියන්න බෑ. යන යන තැන ගොවියෝ උද්ඝෝෂණ කරන නිසා රාජ්‍ය නිලධාරීන් රැුස්වීම්වලට යන්නේ නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් නිසි මඟ පෙන්වීමක් නැතිව අන්ත අසරණ වෙලා. අහන කිසිම ප‍්‍රශ්නයකට උත්තරයක් නෑ. මාතලේ ගොවියෝ රැුසක් වී ගොවිතැනින් ඉවත්වෙලා, බතල හදනවා. ඒ බෙහෙත් පොහොර ඕන නැති නිසා. අද ඉඳලා කාබනික පොහොර බෙදනවා කියලා අණ බෙර ගහනවා.
සුජීව තත්සර