කෘෂිකාර්මික අර්බුදය සහ ඞී. එස්. ගත් මග

258

ඞී. එස්. ගේ ඉඩම් ප‍්‍රතිපත්තිය තුළින් ලැබූ ඉඩම්වලට යල මහ දෙකන්නයම වැඩ කරන්නට ජලය ලැබුණ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම 21 වන සියවස වනවිට ශ‍්‍රී ලංකාවේ අප සහලින් ස්වයපෝෂිත වී ඇත. මෙම ස්වයංපෝෂිත බව අත්පත් කරගෙන ඇත්තේ 1948 නිදහස ලබන විට අප රට සිටි ජන සංඛ්‍යාව 2020 වනවිට මිලියන 21 ඉක්මවා ගොස් තුන් ගුණයකින් වැඩිවුණ පරම ආයුෂද දෙගුණයකට කිට්ටු ප‍්‍රමාණයකින් ඉහළ ගිය පසුබිමක් තුළයි.

 ‘‘ජාතියේ පියාණන්’’ වශයෙන් ශ‍්‍රි ලාංකිකයන්ගේ සදාදරණීය ගෞරවාදරයට පත්වූ දොන් ස්ටීවන් සේනානායක (ඞී. ඇස්. සේනානායක)  මැතිඳුන්ගේ සේවය ගැන කාලාන්තරයක් තිස්සේ විවිධ පුද්ගලයන් විසින් නොයෙක් අංශවලට ඔහුගෙන් සිදුවුණ සේවය ගැන විවිධ අර්ථකථනයන් සපයා ඇත. එවැනි විග‍්‍රහයන් ඔහු ජීවත්වූ සමයේම ඇතැම් පුද්ගලයන් තබා ඇති අතර පසුකාලීනව විශේෂයෙන්ම ඔහු අභාවයට පත්වූ 1952 මාර්තු 22 දින පසුවත් විවිධ අර්ථකථකයන් උගතුන් හා දේශපාලනඥයන් මෙන්ම ඔහුගේ ජාතික මෙහවරින් සෘජුවම තම ජීවිතය ආලෝකමත් කරගත් රට පුරා විසිරී සිටි ගොවිජනතාවගෙන් වරින්වර දක්නට ලැබිණ. පසුගිය දින කිහිපය තුළ ඔහුගේ පිළිරුව ඉදිරියේ මල් පහන් පූජා කර තම කෘතවේදිත්වය දක්වනවා පමණක් නොව රටපුරා විසිරී සිටින ගොවි ජනතාව අද මුහුණ දී සිටින පොහොර අර්බුදය හා බැඳුන ප‍්‍රශ්නවලින් ගොඩ එන්නට ඔහුගේ පිළිරුව ඉදිරියේ සිදුකරනු ලබන ආයාචනයන්ද දක්නට ලැබිණ.

 රජරට ප‍්‍රදේශවලින් පමණක් නොව නැගෙනහිර පළාතේ ජීවත්වූ රටවැසියන් ඈත අතීතයේ සිදුවූ ඉන්දියානු ආක‍්‍රමණවල ප‍්‍රථිඵල ලෙසත් වියළි කලාපයේ සිදුවූ දේශගුණික තත්ත්වයන් මතත් 13 වන සියවස වනවිට බහුතරයන් නිරිතදිග ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වී සිටියහ. බටහිර යටත් විජිතවාදීන්ගේ ග‍්‍රහණයට ක‍්‍රමයෙන් ශ‍්‍රී ලංකාව පත්වී 1815 වනවිට සමස්ත ශ‍්‍රී ලංකාවම බි‍්‍රතාන්‍ය පාලනයට පත්වීමත් සමග උතුරු පළාතේ යාපනය අර්ධද්වීපය හා ආසන්න ප‍්‍රදේශයට හා තිරිතදිග කලාපයට ශ‍්‍රී ලාංකිකයන් කේන්ද්‍රගත විය. ඉංගී‍්‍රසි පාලනයන් 1840 සිට ක‍්‍රියාත්මක කළ ඉඩම් ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිඵලයක් ලෙස තෙත්කලාපයේ විශේෂයෙන්ම උඩරට ප‍්‍රදේශවල තම පාරම්පරික ඉඩම්වලින් එහි සිටි ජනතාව පන්නා දමා තිබිණ. මහාමාන්‍ය ඞී. ඇස්. සේනානායක මැතිඳුන් ඉඩම් හා කෘෂිකර්ම ඇමැතිධුරයට 1931 තේරීපත් වන්නේ එවන් පසුබිමක් තුළයි. මේ වනවිට පූර්ණ නිදහස ශ‍්‍රී ලංකාවට ලැබී නොතිබුණත් ඉඩම් සහ කෘෂිකර්ම සංවර්ධන අංශයේ කළමනාකරණයට හා ප‍්‍රතිපත්ති සම්පාදනයට ලැබූ අවස්ථාව උපරිම ලෙස මැනවින් යොදාගත් ඞී. ඇස්. සේනානායක මහතා 1933 වනවිට ඉඩම් සංවර්ධන කෙටුම්පත රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම තමා උපන් ජන්මභූමියේ ඉඩම් අ`ගලකටවත් හිමිකම් නැති අති බහුතරයක්වූ දුප්පතුන්ගේ පමණක් නොව වසර සියයක් තිස්සේ යටත්විජිත පාලකයන්ගේ අත්තනෝමතික ඉඩම් ප‍්‍රතිපත්තිය නිසා තමන් පාරම්පරිකව භුක්ති විඳිමින් සිටි තම ඉඩම් අහිමිවූ ජනතාවගේද සුවිශේෂ ජයග‍්‍රහණයක් විය.

 1935 සිට අද දක්වා දශක අටක් තිස්සේ ඉඩම් අහිමි ලක්‍ෂසංඛ්‍යාත ශ‍්‍රී ලාංකිකයන් තමන් ඉපදුන මැරෙන රටේ රජයේ විවිධ යෝජනාක‍්‍රමයන් ඔස්සේ ඉඩම්වල අයිතිය ලබන්නේ ඞී. ඇස්. සේනානායකගේ ඒ උදාර ඉඩම් ප‍්‍රතිපත්තියට පිං සිදුවන්නටය. නිරිතදිග තෙත් කලාපයට කොටුවී සිටි ශ‍්‍රී ලාංකික ගොවිජනතාව රජරටට යළි සංක‍්‍රමණය වීම සනිටුහන් කරමින් ආරම්භ කළ ප‍්‍රථම ගොවිජනපද ව්‍යාපාරය වන මින්නේරිය ගොවිජනපද ව්‍යාපාරය 1933 මැයි 01 දින ‘‘දියබුබුල’’ ස්ථානයේ පිහිටුවා ඇති ගල්ටැඹ අදත් දක්නට ඇත. 1933 මින්නේරිය යෝධ ජලාශය ප‍්‍රතිසංස්කරණය සහ ජනපදිකයන් පදිංචිකරවීම මින්නේරියට සීමා නොවී වර්තමාන පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සෙසු ප‍්‍රදේශවලටත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයට පමණක් නොව වයඹ පළාතටත් උතුරු පළාතේ ඉරනමඩු දක්වා ක‍්‍රමයෙන් ව්‍යාප්තවෙයි. ඒ සමගම නැගෙනහිර පළාතේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ කන්තලේ සේරුවිල අල්ලෙයි දක්වාත් 1948 සම්පූර්ණ නිදහස ලැබී ඞී. ඇස්. සේනානාක මැතිඳුන් අග‍්‍රාමාත්‍ය තනතුරට පත්වීමත් සමග ක‍්‍රියාත්මක වන ගල්ඔය බහුකාර්ය යෝජනාක‍්‍රමය යටතේ අම්පාර දිස්ත‍්‍රික්කයේ ඓතිහාසික දිගාමඩුල්ල යළි පාරම්පරික ශ‍්‍රී ලාංකිකයන්ගේ ගොවි හදබිම බවට පරිවර්තනය වෙයි. එතනින් නොනැවතුන ගොවිජනපද ව්‍යාපාරය ඓතිහාසික රුහුණේ රිදියගම වැනි ව්‍යාපාරත් ඌව පළාතේ මිනිපේ මහියංගනය දක්වාත් ව්‍යාප්ත විය. මේ අන්දමට ලක්‍ෂසංඛ්‍යාත ගොවිබිම් නිරිතදිග කලාපයේත් ඔබ්බට ව්‍යාප්ත වෙද්දී තෙත් කලාපයේ විශේෂයෙන් කන්ද උඩරට ප‍්‍රදේශවල ඉඩම් 1933 ඉඩම් සංවර්ධන පනතින් ඇති කර තිබූ ගම් පුළුල් කිරීමේ යෝජනාක‍්‍රම යටතේ තමන්ට අහිමිකර තිබූ තම පාරම්පරිකව හිමිව තිබූ ඉඩම්වල අයිතිය ජනතාවට යළි ලබාදුන්නේය. අද දක්වා 1933 ඉඩම් සංවර්ධන පනත වරින්වර සිදුවූ යාවත්කාලීනව ඉදිරියට යෑමෙන් පෙන්නුම් කරන්නේ ඞී. එස්. සේනානායකයන් තුළ තිබූ දූරදර්ශීභාවයයි. පසු කාලයේ ක‍්‍රියාත්මක වූ උඩවලව සංවර්ධන යෝජනා ක‍්‍රමය, මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය ඉ`ගිනිමිටිය මෙන්ම ලූණුගම්වෙහෙර වැනි යෝජනා ක‍්‍රම යටතේ ඞී. එස්. ගේ ඉඩම් ප‍්‍රතිපත්තිය තුළින් ලැබූ ඉඩම්වලට යල මහ දෙකන්නයම වැඩ කරන්නට ජලය ලැබුණ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම 21 වන සියවස වනවිට ශ‍්‍රී ලංකාවේ අප සහලින් ස්වයපෝෂිත වී ඇත. මෙම ස්වයංපෝෂිත බව අත්පත් කරගෙන ඇත්තේ 1948 නිදහස ලබන විට අප රට සිටි ජන සංඛ්‍යාව 2020 වනවිට මිලියන 21 ඉක්මවා ගොස් තුන් ගුණයකින් වැඩිවුණ පරම ආයුෂද දෙගුණයකට කිට්ටු ප‍්‍රමාණයකින් ඉහළ ගිය පසුබිමක් තුළයි.

 1948 නිදහස ලැබුණ දා සිට පසුගිය වසර 73 තුළ ස්වදේශීය පාලකයන් කළේ මොනවාදැයි විමසන, සිදුවූ සියල්ලේම නරකම පමණක් දකින විවේචකයන්ගේ අවධානය මෙයට යොමුවනු ඇතැයි ප‍්‍රාර්ථනා කරමි.

 මෙම ජයග‍්‍රහණයන් පසුපස කෘෂිකාර්මික අංශයේ සිදුවුණ පර්යේෂණ නව බීජ වර්ගයන් යොදා ගැනීම 1950 සිට සහතික මිල අවම මිලක් ලෙස ගොවි නිෂ්පාදනවලට ලබාදීමෙන් ලැබුණ සහතිකය දායක විය. 1966 ඩඞ්ලි සේනානායක රජය හඳුන්වා දුන් හරිත විප්ලවය තුළින් ක‍්‍රියාත්මක වුණ නව තාක්‍ෂණය පදනම් කරගත් කෘෂිකාර්මික ක‍්‍රියාදාමයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස භූමි ඒකකයකින් ලැබෙන ඵලදාව දෙතුන් ගුණයකින් වැඩිවිය. කොවිඞ් වසංගතයෙන් රටම අර්බුදයකට ලක්වෙද්දී සමස්ත රටටම කිසිදු අඩුවකින් තොරව තුන්වේල කන්න බත පමණක් නොව එළවළු පලතුරුත් සපයන්නට පුළුවන් වූයේ 1940 සිට ක‍්‍රියාත්මක වූ ඞී. එස්. සේනානායක හඳුන්වා දුන් කෘෂිකර්ම වැඩපිළිවෙළත් එයට පසු මේ රටේ බලයට පත්වූ විවිධ රජයන් නවීකරණයන් හඳුන්වා දෙමින් ක‍්‍රියාත්මක කළ කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග ප‍්‍රතිව්‍යාප්තිකරණ හා වැඩපිළිවෙළ නිසයි. එමෙන්ම ඒ සඳහා විශාල අනුග‍්‍රහයක් විශ්වවිiාල කෘෂිකර්ම පීඨ ඇතුළු මහඉලූප්පල්ලම හා බතලගොඩ වැනි පර්යේෂණ ආයතන වලින්ද ලැබිණ. අවාසනාවකට මේ වනවිට කෘෂි ක්‍ෂේත‍්‍රයේ ඇතිවූ නවීකරණයන්ගේ ප‍්‍රතිඵල ලෙස මෙතෙක් ලබාගත් ජයග‍්‍රහණයන් නව පොහොර ප‍්‍රතිපත්තිය නිසා උඩුයටිකුරු වෙමින් මහා ජාතික ඛේදවාචකයකට කෘෂිකර්මාන්ත ක්‍ෂේත‍්‍රය පමණක් නොව ඒ තුළ ජාතික ආර්ථිකයම යොමු කරමින් සිටී. රජය මෙම ගෙන ඇති තීරණය සම්පූර්ණයෙන් කාබනික පොහොරවලට රටේ කෘෂිකර්මය යොමුකරලීම කෘෂි ක්‍ෂේත‍්‍රයේ පොහොර සම්බන්ධව නිදහසින් පසු ගත් නරමක තීරණය බව (The Worst Decision Ever Made Since Independence)  පේරාදෙනිය විශ්වවිiාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සති අන්ත පුවත්පතකට ප‍්‍රකාශ කර තිබිණ. මෙය දේශපාලන විග‍්‍රහයක්වත් රසායනික පොහොර සමාගමක නියෝජිතවරයෙක්වත් කරපු ප‍්‍රකාශයක් නොවේ. දහසක් බලාපොරොත්තු ඇතිව 1931 සිට 1947 දක්වා කෘෂිකර්ම හා ඉඩම් ඇමැතිවරයා ලෙසත් පසුව 1948 සිට 1952 දක්වා ශ‍්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙසත් ඞී. ඇස්. සේනානායක ගත් දූරදර්ශී කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය ආපසු හරවමින් ගල්යුගයට ශ‍්‍රී ලංකා කෘෂිකර්මය ආපසු හැරවීම ජාතික ඛේදවාචයකි. ලෝකයේ දියුණු රටවල් පමණක් නොව අපගේ කලාපයේ ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනිසියාව, මැලේසියා වැනි රටවල්ද මේ වනවිට හතරවන කාර්මික විප්ලවයෙන් සොයාගත් නවෝත්තම කෘෂි මෙවලම් අයත් උපකරණ හා භාවිතයන් යොදා ගනිද්දී ශ‍්‍රී ලංකාවේ අපි ආපසු හැරෙමින් සිටී.

 ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමග ඔහුට ව්‍යවස්ථානුකූලව ආරක්‍ෂක හා විදේශ ඇමැතිවරයා ලෙසත් වගකීමක් පැවරෙන අතර එයට පෙර සර් ඞී. බී. ජයතිලක මහතා ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස්වරයා වශයෙන් පත්වීමත් සමග රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සභා නායකවරයා ලෙස පත්වීමත් සමග ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය යටතේ තිබු ද්විත්ව පාලනයේ කොටස්කරුවන් ලෙස ශ‍්‍රී ලාංකික අමාත්‍යවරුන්ගේ ප‍්‍රධානියා බවට පත්වෙයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස දෙවන ලෝක යුද්ධයේදී ශ‍්‍රී ලංකාවේ භූමිකාව සම්බන්ධයෙන් ඔහුට පැවරුන වගකීම් ඉටුකිරීමේදී ඉටුකරන ලද කාර්ය භාරය ගැන තවමත් ඇතැම් පාර්ශවයන් විවිධ මතවාදයන් ඉදිරිපත් කරනු ලබයි. ඇතැම් විට මෙම මතවාදයන් ඉදිරිපත් කරන්නේ යථාර්ථය විශේෂයෙන්ම ඒ යුගයේ තිබූ දේශපාලන හා සමාජ සාධකයන් ගැන නිවැරදි අවබෝධයක් නොමැතිව බව මගේ ස්ථාවරයයි. දෙවන ලෝක යුද්ධයේදී ශ‍්‍රී ලංකාව පැහැදිලිවම පැසිස්ට් කඳවුරේ සිටි ජපානයේ ඉලක්කයක් වූ අතර ඒ වනවිට අසල්වැසි මැලේසියාව (සිංගප්පූරුවද ඇතුළත්ව* සහ බුරුමය ජපානයේ ආක‍්‍රමණයන්ට යටත්ව තිබිණ. ඒ නිසා බි‍්‍රතාන්‍ය යටත්විජිතයක්ව සිටි ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව (වර්තමාන පකිස්ථානය ඇතුළුව* මිත‍්‍ර පාක්‍ෂික කඳවුරට එනම් මහා බි‍්‍රතාන්‍ය, සෝවියට් සංගමය, ඇමරිකා එක්සත් ජනපදය, ප‍්‍රංශය කඳවුරේ කොටසක් බවට නිතැතින්ම පත්ව තිබිණ. ඒ අනුව අපි කැමති වුවත් අකමැති වුවත් පැත්තක් ගත යුතුව තිබූ අතර පැවති ජාත්‍යන්තර තත්ත්වයන් අනුව ඞී. ඇස්. සේනානායක ප‍්‍රමුඛ ලංකාවේ ඇමැතිවරුන් ගත් තීරණය වූයේ මිත‍්‍ර හමුදා පර්ශවයට සහයෝගය දීම වන අතර එම සහයෝගය දීම කොන්දේසි විරහිත සහයෝගයක් නොව දෙවන ලෝක යුද්ධය අවසානයේදී ශ‍්‍රී ලංකාවට නිදහස ලබාදීමේ එකම කොන්දේසිය මත සිදුවිය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ මිත‍්‍ර පාක්‍ෂික ආසියානු යුද්ධ මූලස්ථානය ශ‍්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමත් මිත‍්‍ර පාක්ෂික ජයග‍්‍රහණයෙන් අවසන්වූ දෙවන ලෝක යුද්ධය අවසානයේදී අවසන් වසර කිහිපයේදී ලේ වැගිරීමකින් තොරව ශ‍්‍රී ලංකාව නිදහස ලබාගැනීමයි. ඞී. ඇස්. සේනානායක ප‍්‍රමුඛ එවක සිටි ශ‍්‍රී ලාංකික නායකත්වය විවේචනය කරන අය සමහරවිට චීනයේ නිදහස් අරගලයන් මෙහෙයවමින් සිටි මා ඕ සේතුං සහ චෞඑන්ලායි වැනි චීන කොමියුනිස්ට් නායකයන්ද තමන්ගේ විමුක්ති අරගලය පැත්තක තබා තීරණය කර තිබුණේද දෙවන ලෝක යුද්ධයේදී ශ‍්‍රී ලංකාවේ ඞී. එස්. සේනානායක ප‍්‍රමුඛ නායකත්වය ගත් දේශපාලන ස්ථාවරයමයි.

 ශ‍්‍රී ලංකාව නිදහස ලබන විට සමකාලීනව ඉන්දියාව හා බුරුමය වැනි රටවල්ද නිදහස ලැබූ අතර මුස්ලිම් බහුතරයක් සහිත ප‍්‍රාන්ත එකතු කර පකිස්ථානය නමින් නව රටක් නිර්මාණය කළ අතර ඒ පදනම් කරගෙන ඉන්දියාව තුළ මහා භාරත සංකල්පය පදනම් කරගෙන ඉන්දියාව පමණක් නොව ලංකාව හා බුරුමය වැනි රටවල්ද ඒකාබද්ධ කර මහා ඉන්දියාවක් හෙවත් Indian Federation එකක් යෝජනා කෙරුණත් හින්දු අන්තවාදය හිස ඔසවමින් තිබූ අතර ඒ මතවාදයේම ප‍්‍රතිඵලයක් ලෙස පකිස්ථානයක් නිර්මාණය කරන්නට අනුබල දුන්නාය යන චෝදනාව මත හින්දු අන්තවාදීන් අතින් මහත්මා ගාන්ධි ඝාතනයට ලක්විය. ඉන්දියන් ෆඩරේෂන් සංකල්පයට පක්ෂපාති අය ලංකාවේද සිට ඇති අතර එවන් තත්ත්වයක් තුළ ත‍්‍රිවිධ හමුදාවකුත් නොමැති ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් දන්නා කියන ප‍්‍රබල රටක් සමග ගිවිසුමකට එළඹීම ඒ යුගයේ තිබූ ජාතික අවශ්‍යතාවකි. එය සදාකාලික ගිවිසුමක් නොවූ අතර දෙරටේ ඕනෑම පාර්ශවයකට එකිනෙකාට දැනුම් දීමෙන් පසු ගිවිසුමෙන් ඉවත්වීමට අවශ්‍ය ප‍්‍රතිපාදන එම ආරක්‍ෂක ගිවිසුමේ තිබිණ.

 ඉන්දියාවේ විවිධ ප‍්‍රාන්තවල ජීවත්වන විවිධ ජනවාර්ගික කොටස් ‘‘ඉන්දියානුවෙක්’’ ලෙසින් ශ‍්‍රී ලාංකික ජාතිය නිර්මාණය කිරීම ඔහුගේ අභිලාෂය විය. විවිධ ආගමික හා ජනවාර්ගික අන්තවාදී කොටස් ව්‍යාප්ත කරන ලද මතවාදයන් නිසා ජාතික අරමුණු උදෙසා ජාතික ඒකාග‍්‍රතාවක් අත්කර ගැනීමට තවමත් අප රටක් ලෙස අපොහොසත් වුවත් අන්ත ජාතිවාදය ප‍්‍රවර්ධනය කරන්නට ඞී. ඇස්. සේනානායක කිසි විටකත් කටයුතු නොකළ බව ඔහුගේ දේශපාලන භූමිකාව අධ්‍යයනය කරන විට පැහැදිලි වනු ඇත.

 ඞී. ඇස්. සේනානායකට විදේශ ප‍්‍රතිපත්තියක් නොතිබුණ බවට ඇතමුන් නගන චෝදනාව මෙන්ම ඔහුගේ විදේශ ප‍්‍රතිපත්තිය බටහිර ගැති ප‍්‍රතිපත්තියක් වු බවට නැගෙන චෝදනාවන් ප‍්‍රලාපයක් බව පසක්වනු ඇත. ඇත්ත වශයෙන්ම ඔහුගෙන් පසු එක්සත් ජාතික පක්‍ෂයේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත් ඩඞ්ලි සේනානායක සහ සර්ජෝන් කොතලාවල ඞී. ඇස්. සේනානායකගේ විදේශ ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් මහජන චීනය සමග 1952 දී රබර් – සහල් ගිවිසුම අත්සන් කිරීමත් 1954 දී සෙසු දකුණු ආසියානු රටවල්වල නායකයන් එක් රැුස්කරගෙන කොළඹ බලවතුන්ගේ සමුළුව කොළඹ පැවැත්වීමත් එම සමුළුවේදී ගනු ලබන තීරණයන් මත 1955 දී ආසියා අප‍්‍රිකානු සහයෝගිතාවයට පදනම වැටීමත් ශ‍්‍රී ලංකාව ලැබූ විදේශ ප‍්‍රතිපත්ති ජයග‍්‍රහණයයි. ඒ වන විට ඉන්දියාව, බුරුමය, මහජන චීනය ඒකාබද්ධව සම්මුතිගතව සිටි පංචශීල ප‍්‍රතිපත්තියට ශ‍්‍රී ලංකාව අනුගත වන්නේ 1955 දී බැංඩුන් සමුළුවේදීය. ශ‍්‍රී ලංකාවේ එතෙක් ක‍්‍රියාත්මක වෙමින් තිබූ විදේශ ප‍්‍රතිපත්තියේ නොබැඳුන ස්ථාවරය විධිමත්ව ජාත්‍යන්තරයට ප‍්‍රකාශයට පත්වන්නේ ඉන්දුනීසියාවේ පැවති බැංඩුන් සමුළුවේදීය. එය 1956 න් පසු සිදුවීමක් නොව 1956 ට පෙර සිදුවීමකි. 1955 දී ඒ හා සමගාමීව ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සාමාජිකත්වයද ලැබීමෙන් ඞී. ඇස්. සේනානායක ආරම්භ කළ නොබැඳුන විදේශ ප‍්‍රතිපත්තිය ජාත්‍යන්තර වේදිකාවේ අභිමානවත්ව සනිටුහන් වෙයි.

කෘෂිකාර්මික අර්බුදය සහ ඞී. එස්.  ගත් මග



 ආචාර්ය කරුණාසේ්න කොඩිතුවක්කු

advertistmentadvertistment
advertistmentadvertistment