කෙටි කතාවේ තරුණයා තිලකසේන

761

ප‍්‍රමුඛ කෙටිකතා කරුවෙකු සම්මානලාභි කවියෙකු මෙන්ම සිංහල ලේඛනයෙහි ගමන් මඟ සහ එහි අනාගතය මුහුණුවර පිළිබඳ ඉමහත් උනන්දුවක් දක්වන විද්වතෙකු වන අජිත් තිලකසේන මහතාගේ 88 වැනි ජන්ම දිනය ඉකුත් 07 දාට යෙදී තිබුණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

තාත්වික යථාර්ථවාදී ප‍්‍රතිනිර්මාණ විධි අනුයාත සාහිත්යික සම්ප‍්‍රදායෙන් පිටස්තරව නූතනවාදී ප‍්‍රතිනිර්මාණ තාක්ෂණයෙන් සිංහල කෙටිකතාව අර්ථ ගැන්වූ ප‍්‍රථම ශී‍්‍ර ලාංකික සාහිත්‍ය කලාකරුවා අජිත් තිලකසේනය. සිංහල කෙටිකතා ක්ෂේත‍්‍රයේ නිර්මාණශීලී විචිත‍්‍ර භාෂාවකින් නිරවුල්ව කතා ගොඩනැංවීමේ ප‍්‍රතිනිර්මාණ තාක්ෂණය වෙතින් ඔහුට සම කළ හැකි එකඳු කෙටිකතාකරුවකු මෙසිරිලක තවමත් පෙරට පැමිණ නැත. ඔහුගේ නිමැයුම්හි විචිත‍්‍රත්වයට අලගු තබන්නට තරම් නැති පිළුණු සාහිත්‍ය ධාරාවන්හි ගිලී සිටින කෙටිකතාකරුවන්ට අසූඅට හැවිරිදි ඥානවෘද්ධ, ගුණෝවෘද්ධ අජිත් තිලකසේනයන් තවමත් පෙරමං පෙන්වනු ඇත.

කණින, කණින තැනින් රත්න මතුවන පිංබර රම්‍ය භූමියක 1933 වර්ෂයේදී හපුආරච්චිගේ අජිත් තිලකසේනයෝ ජන්මලාභය ලැබූහ. ඔහුගේ දෙමාපියෝ ගුරුවරු වූහ. ඒ නිසා තිලකසේනයන්ට කුඩා සන්දියේ දීම පඨනයට අවැසි පඨිත ඕනෑ තරම් ගෙදර තිබුණි. කුඩා තිලකසේන වර්ෂ 1937-38 කාලයේ ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ රත්නපුරේ ෆර්ගසන් උසස් විද්‍යාලයෙනි. ගුරුසේවයේ නියැළී සිටි දෙමාපියෝ ස්ථානමාරු ලබන සෑම අවස්ථාවකම තිලකසේනයන්ට ද පාසල් මාරු කිරීමට සිදුවීම අරුමයක් නොවේ. වර්ෂ 1938 දී ඔහු රත්නපුරේ ෆර්ගසන් විද්‍යාලයෙන් ඉවත්ව කැලණියේ ශාන්ත පාවුලූ විද්‍යාලයට ඇතුළත්ව 1942 දක්වා ප‍්‍රාථමික අධ්‍යාපනය ප‍්‍රගුණ කළේය. නැවත ඔහුගේ දෙමාපියෝ ගමට ස්ථාන මරු ලැබූහ. ඒ නිසා තිලකසේනයෝ ශාන්ත පාවුලූ විද්‍යාලයෙන් ඉවත්ව රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට 1942 වර්ෂයේදී ඇතුළත්ව ප‍්‍රාථමික අධ්‍යාපනය නිමවා එම විද්‍යාලයෙන්ම විද්‍යා විෂයධාරාව යටතේ 1952 ද්විතීයික අධ්‍යාපනය ද අවසන් කළේය.

දෙමාපියෝ ගිය මග පියමන් කළ අජිත් තිලකසේනයෝ ද 1953 වර්ෂයේදී කැලණියේ මිශ‍්‍ර පාඨශාලාවක (දැන් කැලණි තිස්ස විද්‍යාලය* ඉංගී‍්‍රසි උපගුරුවරයකු වශයෙන් පත්වීම් ලැබූහ. පාසලේ දරුවන්ට මැනවින් ඉංගී‍්‍රසි භාෂාව ඉගැන්වූ ඔහු තවත් ඉංගී‍්‍රසි ගුරුවරයකු පමණක් නොවුවේය. ගුරු වෘත්තියට පැමිණ ගුරු වෘත්තියෙන්ම විශ‍්‍රාම යන බහුතරයකට අයත් නොවූ තිලකසේනයෝ, කුමාරතුංග මුනිදාස, ආනන්ද රාජකරුණා, ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, මහගමසේකර, අරිසෙන් අහුබුදු වැනි අමරණීය ගුරුවරයෙක් වූහ. මේ ගුරුදෙවිවරු අසූ පිරූ තැන් ඇති බහුශ‍්‍රැතයෝ වූහ. ඔවුන්ගේ විෂය ක්ෂේත‍්‍රය පිළිබඳ සාරගර්භ ග‍්‍රන්ථ රචනා කරමින් ඒ විෂයට පාඨක ලෝකයා ඇද බැඳ තබා ගැනීමට යුහුසුළු වූ මේ විදග්ධ ලේඛකයෝ සාහිත්‍ය කලා ක්ෂේත‍්‍ර දිවිහිමියෙන්ම පෝෂණය කළහ. අද එවැනි සම්භාවනීය ගුරුවරුන්ගෙන් අපේ පාසල් හිස්ව ගොසිනි. පාසල් විෂය මාලාවෙන් තොරව බාහිර පොතපත කියවන ගුරුවරු සොයා ගැනීම කළුනික සොයන තරමටම දුෂ්කරය. එවැනි අරාජික කලෙක මේ උත්තම ගුරුවරුන් ස්මරණය කිරීම ද කාලෝචිත ය. අජිත් තිලකසේන ගුරුවෘත්තියේ දියවී ගිය ගුරුවරයකු නොවේ. ඔහු ඒ ක්ෂේත‍්‍රයෙහි හිඳිමින් විශාල සේවයක් කරමින්ම ඉහළට ඉගෙන ගැනීම වත්මත් පාඨශාලීය අධ්‍යාපනයේ නිරත ගුරුවරුන්ට පරමාදර්ශයකි.

ඔහු වර්ෂ 1954-57 කාලයේ් කල්කටා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය යන විෂයන් හැදෑරුවේය. ඉන් පසුව 1957 වර්ෂයේ අගභාගයේදී ශී‍්‍ර ලංකාවට නැවත පැමිණි තිලකසේනයෝ 1958 වර්ෂයේදී රාජ්‍ය සේවයට ඇතුළත් වී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශන අංශයේ (පසුව අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්නුවේ) ශබ්දකෝෂ සහකාර තනතුරට පත්වූහ. එහිදී සිංහල භාෂාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබූ තිලකසේනයෝ තනිවම වුව ද මේ භාෂාව පාලි – සංස්කෘත- භාෂාවන්හි ග‍්‍රහණයෙන් මුදවා ගැනීමට සටන් කළහ. එහෙත් තවමත් අපේ උගතුන් සම්ප‍්‍රදායට වහල්වීම නිසා තිලකසේනයන්ට ඒ පහළට ගලාහැලෙන සිංහල භාෂා ගඟ ඉහළට හරවාලන්නට ජවයක් නැත. ඔවුහු තනිවම වුව ද නොනවත්වාම සටන් කළහ. වර්ෂ 1998 දී ‘භාෂා අර්බුදයේ ගමන් මග’ නැමති ග‍්‍රන්ථය ලියන්නේ මෙරට දේශපාලකයන් නිදහසින් පසුව ද සිංහල භාෂාවට කළ කෙනෙහිලිකම් පෙන්වාදීමට ය. ලංකාවේ යුද්ධය ජනවාර්ගික අර්බුදයක් ලෙස දැකීම ප‍්‍රතික්ෂේප කරන තිලකසේන දෙමල – සිංහල සාමාන්‍ය ජනතාව අතර එවැනි යුද මානසිකත්වයක් නැති බවත් එල්.ටී.ටී.ඊ.ය හා රජය අතර දේශපාලන ගැටුමක් ඇති බවත් ලංකාවේ පාලක පක්ෂ දෙකට මාරුවෙන් මාරුවට බලයට ඒමට ත‍්‍රස්තවාදී තුවාලය වැදගත් වූ බවත් පෙන්වා දෙයි. තිලකසේන ඝෘජුවම ජාතිවාදය – ආගම්වාදය – කුලවාදය – ප‍්‍රතික්ෂේපකරන අතර ජාතිකත්වය අගය කරයි. කලාකරුවකුට නිසර්ගයෙන්ම තිබිය යුතු මේ ජාතිකත්වය පිළිබඳ සංකල්පය අපේ බහුතරයක් සාහිත්‍ය කලාකරුවන්ට නැත. ගුණදාස අමරසේකර කලක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විශ්වාස කරමින් ජාතික චින්තනවාදය කි‍්‍රයාත්මක කළ අතර පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ බිඳ වැටීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ තරුණ බලවේගය විශ්වාස කළේය. එතැනින් නැවත

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද අද පොදුජන පෙරමුණට ද සහාය දෙමින් ‘මේ රට සිංහලූන්ට පමණක් අයිති බෞද්ධ රටක්’ යන චින්තනය වගා කරමින් සිටී. එහෙත් ඔහුගේ චින්තනය අවසානයේ ශේෂ වන්නේ ‘‘භේද කොට රජ කරනු’’ යන බි‍්‍රතාන්‍යයන්ගේ න්‍යායම නොවේද’’ ජාතිවාදය ආගම්වාදය සත්කලාකරුවකුට වැපිරිය හැකි නම් ඔහුගේ අව්‍යාජත්වය කෙබඳුද! අමරසේකර අවසානයේ නතර වූයේ අවස්ථාවාදී දේශපාලකයන් රජකරන තැනක ය. තිලකසේන ඒ අතින් අමරසේකර ඉක්මවා සිටින දර්ශනයකින් පොහොසත් ය. ඔහු පවසනුයේ ජාතිය ගොඩනැංවීමේ කාර්යයේදී සියලූ ජාතීන් එක් විය යුතු බවයි. ඒ ජාතීන් අතර සංහි`දියාව වර්ධනය කරන ජාතික වැඩපිළිවෙලක් අපේ පාලකයන්ට නැති බවයි. ඒ නිසා රටේ පාලකයෝ දාර්ශනිකයෝ විය යුතු යැයි තිලකසේනයෝ කියති එවැනි පාලකයන් රටට බිහිනොවීම ජනතාවගේ අවාසනාවකි.

සිංහල කෙටිකතාවෙන් නවකතාකරණයට ප‍්‍රවේශ නොවූ එකම කෙටිකතාකරුවා අජිත් තිලකසේනය ය. අනෙක් බොහෝ ලේඛකයෝ නවකතාකරුවකු ලෙස ස්ථාපිත වූ පසු කෙටිකතාව අතහැර දැමුවේය. නැති නම් අතරවාරයේ කෙටිකතා සංග‍්‍රහයක් දෙකක් ලියා ඇ`ග බේරා ගත්තේය. එනිසා උඳුම වපුරා සරු අස්වැන්නක් නොලැබ කලක් පුරන්ව තිබුණු සිංහල කෙටිකතාව නැමැති ශානරීය කෙම්බිම යළිත් විචිත‍්‍රවත් ලෙස අස්වැද්දූ කෙටිකතාකරුවා අජිත් තිලකසේනය. ඔහුගේ කුළු`දුල් කෙටිකතා සංග‍්‍රහය වන ‘සතුරෝ’ මුද්‍රණයෙන් පළ වූයේ 1960දී ය. කතා එකොළහක් ඇතුළත් ‘සතුරෝ’ සිංහල කෙටිකතාව සම්මත මඟින් බැහැරට ගෙන ගිය අවස්ථාවකි. මේ හැම කෙටිකතාවක්ම මර්ටින් වික‍්‍රමසිංහගේ, ජී. බී. සේනානායකගේ, ගුණදාස අමරසේකරගේ සම්මත කතා රාමුවෙන් පිටතට හැරවීමකි.

තිලකසේනගේ මේ අසම්මත කතා ශානරිය ව්‍යුහයෙහි මතු නොව, අනුභූතිය, රීතිය හා භාෂා ශලියෙහිද දක්නට ලැබේ. ඒ වූකලී අප මෙතෙක් සාකච්ඡා කළ සිංහල කෙටිකතාවක දැකිය නොහැකි ප‍්‍රවණතාවකි. විඥානධාරා සන්දර්භයේත්, භාවගීතාත්මක ගද්‍ය සම්ප‍්‍රදායේත් සංකලනයක් දක්නට ලැබෙන තිලකසේනගේ ‘පිටුවහල් කර සිටිද්දී’ නැමැති දෙවැනි කතා සංග‍්‍රහය එළිදුටුවේ 1964 දීය. සිංහල කෙටිකතා ක්ෂේත‍්‍රයෙහි සිදුවූ විප්ලවයක් ලෙස මේ කතා සංග‍්‍රහය හැ`දින්වුවද තිලකසේන යථාර්ථවාදී ප‍්‍රතිනිර්මාණ විධි ඉක්මවමින් රචනා කළ විශිෂ්ටතම කතා සංග‍්‍රහය 1984 වර්ෂයේදී එළි දුටු සුබ රාති‍්‍රයක් අහවරයි බව අපි දනිමු. එහි එන අපි දෙන්නා සහ තවත් එක් කෙනෙක්, සො`දුරු ඇත්ත අ`දුරු පැත්ත, නිධානය, ‘‘විවිත‍්‍ර කෙටිකතා ශානරීය ව්‍යුහයේ අත්හදාබැලීම් ය. ඒ පර්යේෂණාත්මක අධ්‍යයනයෙහි ප‍්‍රතිඵල පශ්චාත් නූතනවාදී කෙටිකතාකරුවා අනුයාත අධියථාර්ථවාදය (surrealism) යථාර්ථවාදී රීතිය ඉක්මවා ගිය ප‍්‍රතිනිර්මාණ විදියකි. පශ්චාත් නූතනවාදී කෙටිකතාව පිළිබ`ද මේ අධ්‍යයනයේදී ඒ ධාරාවේ කෙටිකතාකරුවකු වූ තිලකසේන ‘සුබ රාති‍්‍රයක් අහවරයි’ කතා සංග‍්‍රහයේදී අධියථාර්ථවාදයට අනුයාත මගෙක ගිය බව පෙනේ. උපවිඥානයේ කි‍්‍රයාකාරිත්වය විවරණය කරන අධියථාර්ථවාදය ෆ්‍රොයිඞ්ගේ මනෝවිද්‍යාත්මක සංකල්පය මෙන්ම, ඩඩාවාදය මිශ‍්‍රණය වී අධියථාර්ථවාදය ගොඩනැ`ගුණු අතර තිලකසේන සිහින ලෝකය මායාමය තලයකින් යථාර්ථය අර්ථකථනය කිරීම ස`දහා ඔහු ගේ කෙටිකතාවලට අධියථාර්ථවාදය උපස්තම්භක කරගෙන ඇත.

 එනිසා තිලකසේනගේ කෙටිකතා සංකීර්ණමය ගැඹුරකින් පොහොසත් වෙයි. ඒ පර්ධත සාමාන්‍ය රසිකයාගේ පඨනයට ද දුෂ්කර වෙයි. නූතනවාදී කෙටිකතාවේ පරිකල්පනීය විචිත‍්‍රතාව හ`දුනාගැනීමට ඔහුගේ පඨිත දෙතුන් වරක්වත් පඨනය කළ යුතු වෙයි. සිංහල කවියෙන් ජනපි‍්‍රය ගීතය වෙත කිසිම විටෙක සංක‍්‍රමණය නොවූ අතළොස්සක් කවීන් අතර ප‍්‍රමුඛම කවියා තිලකසේනය. ඔහු සිංහල කවිය නැමැති සෞන්දර්ය වස්තුව ශානරීය ව්‍යුහ ලක්ෂණ අතින් විචිත‍්‍රවත් ලෙස පෝෂණය කළේය. 2003 දී ‘මල් වැනි ගල්’ කාව්‍ය සංග‍්‍රහය එළිදක්වමින් ‘සංයුක්ත’ කවිය රසික ලෝකයාට හ`දුන්වා දීමට පුරෝගාමී වූ තිලකසේනයෝ මෙසේ කියති. ‘‘අපි සංයුක්ත කුමක්දැයි වටහා ගත්දාට කවිය කුමක් ද කියා වටහා ගත්තා වෙනවා.’’

අජිත් තිලකසේනගේ මේ සංයුක්ත කවි සාමාන්‍ය රසිකයාට තේරුම් ගැනීම දුෂ්කරව ඇත්තේ එහි එන දෘශ්‍යරූපී ස්වරූපය හා ගැඹුරු අන්තර්දෘෂ්ටින් සපයන නිසාය. තිලකසේනගේ මේ සංයුක්ත කවි ධාරාව නූතන කාව්‍ය ක්ෂේත‍්‍රයෙහි නව ප‍්‍රවණතාවක් ලෙස දැන් දැන් විකාශනය වී ඉදිරියට ඇදෙන බව ජනක මහබෙල්ලන ලියා ඇති කවි වලින් ද පෙනෙයි.

අජිත් තිලකසේන මෑතකදී රචනා කළ අලූත් කාව්‍ය සංග‍්‍රහය ‘මොනතරම් අවුලක්ද’ සම්මානයට පාත‍්‍ර වූ නිර්මාණ එකතුවකි. ඔහු කවිය පිළිබ`ද දක්වන අදහස ගැඹුරින් අවබෝධ කරගන්නට ඒ නිර්මාණ සංග‍්‍රහය වුව ද ප‍්‍රමාණවත් වනු ඇත. ඔහුගේ අදහස සාහිත්‍ය කලා නිර්මාණ වල ප‍්‍රධානතම අරමුණ රසවින්දනය බවය. රසවින්දනයෙන් පරිබාහිර අරමුණක් සාහිත්‍ය කලා නිර්මාණවලට නොතිබිය යුතු යැයි තර්ක කරන තිලකසේනයෝ මෙසේ කියති.

‘‘කලා කෘතියක තේරුම සොයන්නෙ සසලවන හදවතක් නැති අය. වින්දන ශක්තියක් නැති අය. ඒ අයට කලා කෘතියකින් ප‍්‍රකාශවන භාවාවේග ලබාගන්න බැරි නිසා ඔවුන් එහි යම් තේරුමක් සොයාගෙන ඒක රස වින්දායි කියා හිතාගෙන සැනසෙනවා ඇති. කලා කෘතියක් හුදෙක් චමත්කාරජනක වස්තුවක් විතරයි’’ මේ සෞන්දර්යවාදී රස මනැස් සහිත මිනිසා 1967 දී තවත් රස මනැස් ඇති උතුරු තලංගම ජයලත් තන්ති‍්‍රලාගේ චන්ද්‍රලතා මාලනී නැමති පියඹුගේ අතිනත ගත්තේය. අද ඔහු තිදරු පියෙකි. 1974 වර්ෂයේදී ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවුර්ගේ සංස්කාරකත්වයෙන් පළ වූ ‘හේතුවාදී සංදේශය’ කෘතියේ සහකාර සංස්කාරක වශයෙන් කටයුතු කළේ ද අජිත් තිලකසේනයෝ ය. ඔහු 1989 රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගත් දින සිට මේ දක්වාම සාහිත්‍යයට කරන ලද මෙහෙවර මෙවැනි පත් තීරුවකට සීමා කළ නොහැක. එ නිසා අසූ අටවියේ දී ද ලේඛන කාර්යයෙහි නිරතව සිටින අජිත් තිලකසේනයන්ට අපි චීරං ජයතු යැයි ප‍්‍රර්ථනා කරමු.

දර්ශනපති මහේෂ් කි‍්‍රශාන්ත

advertistmentadvertistment
advertistmentadvertistment