කෙටි පණිවිඩයකින් රුපියල් ලක්ෂ 40ක් වංචා කරයි

645

මෝටර් රථයක් හා ස්ටර්ලින් පවුම් 875 , 000 ක ත්‍යාග මුදලක් ලැබී තිබෙන බවට කාන්තාවකගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලබා දී රුපියල් හතලිස් පන් ලක්ෂ තිස් දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධව අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 02 අධිකරණයේ මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නියම කරනු ලැබුවාය.

ගල්කිස්ස , බඩෝවිට ප්‍රදේශයේ පදිංචි සුමිත් ප්‍රනාන්දු නමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මේ සිද්ධිය සම්බන්ධව මාකොළ උතුර , ගල්වලහන්දිය ප්‍රදේශයේ පදිංචි මනෝහාරි ප්‍රියන්කරි අය විසින් කැලණිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කොට මේ සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී කැලණිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් සැරයන් කුමාර මහතා ( 71453 ) විසින් අධිකරණයට කරුණු දක්වමින් සදහන් කෙළේ පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයට ඉහත සදහන් ත්‍යාගය ලැබි තිබෙන බවට කෙටි පණිවිඩයක් ලැබී ඇති බවය. පසුව පැමිණිළිකාරියට ඇමතුමක් ලබා ගෙන සම්බන්ධවු තැනැත්තියක් තමා රේගු නිලධාරිණියක් බවට පවසා ඇත. එහිදි පැමිණිළිකාරියට පවසා තිබෙන්නේ මෝටර් රථය රේගුවෙන් නිදහස් කර ගැනීමට ඉහත සදහන් මුදල අවශ්‍ය බවයි. ඒ අනුව පැමිණිළිකාරිය විසින් එම මුදල බැංකු ගත කර තිබේ. චෝදනා සලකා බැලූ මහර අංක 02 අධිකරණයේ මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස ඉකුත් 07 වැනිදා නියම කරනු ලැබුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment