මහ කොමසාරිස් කනනාදන් මහතා කෙන්යාවේ ජාතික සැලැස්ම (National Plan for Kenya) එළිදැක්වීමේ උත්සවයේදී කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ හමුවිය. මෙම හමුවේදී, සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රූටෝ සිය සුබ පැතුම් පළ කළේය. කෙන්යාව සහ ශ්රී ලංකාව අතර ශක්තිමත් සහ මිත්රශීලී සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත්කම ද ජනාධිපති රූටෝ මහතා විසින් සඳහන් කරන ලදි. දෙරට අතර තවදුරටත් සහයෝගීතාව සඳහා තමා කැපවන බව ද ඔහු කීවේය.
ප්රභාත් විතාන
|