තමා පිටුවහල් කිරීම වලක්වාලමින් ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් විසින් අභියාචනාධිකරණට ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කර ඇත.ගෝල්ෆේස් අරගලයේ නිරතව සිටි ඇය එහි සිටි අරගලකරුවනට පොලිසිය හා හමුදාව හිසට පිස්තෝල එල්ලකර තර්ජනය කරන බවට සමාජ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් රජය ඇය පිටිවහල් කිරීමට තීරණය කර තිබුණි.