කෙහෙලියට එරෙහි විශ්වාස භංගයට අත්සන් තිහක්

550

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (20) විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබීය.ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.ඒ අනුව මේ වනවිට ඊට මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ අත්සන් තබා තිබේ. මෙම පිරිස අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කුමාර වෙල්ගම,කබීර් හෂීම්, චන්දිම වීරක්කොඩි, රංජිත් මද්දුමබණ්ඩාර,ගයන්ත කරුණාතිලක, වෛද්‍ය රාජිත සේනාරත්න, කාවින්ද ජයවර්ධන යන මහත්වරු ද සිටිති.


advertistmentadvertistment