කෙහෙළියලාගේ මිලියන 97 මාස 3කට අත්හිටුවයි

107

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ හා ඔහුගේ බිරිඳ ඇතුළු හය දෙනෙකුගේ නමින් පෞද්ගලික බැංකු කිහිපයක පවත්වාගෙන යන රුපියල් මිලියන 97.125ක වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස තුනක කාලයකට ක්‍රියාවිරහිත කිරීමට (අත්හිටුවීමට) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (05දා) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා මීහේන, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, චන්ද්‍රානි රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල හා ඉසුරු පුලස්ති බණ්ඩාර දෙහිදෙණිය යන හයදෙනාගේ නමින් පවත්වාගෙන යන එකී ගිණුම්වලට අදාළ සැක සහිත බවට සාක්‍ෂි ඉදිරිපත්වී ඇති බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විනිසුරුවරයාට පැවසීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එකී ස්ථාවර බැංකු ගිණුම් හා ජීවිත රක්‍ෂණ ඔප්පු දින හතක කාලයකට තාවකාලිකව තහනමට ලක්කර තිබිණි.

මෙම අධිකරණ නියෝගය නිකුත් කෙරුණේ ඉන් පසුවය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment