කේජී ගේන්න ඉන්දියා ගිය අපේ 08ක් අල්ලයි

305

ඉන්දියාවේ සිට කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 190 ක් බෝට්ටුවක් මගින් මන්නාරම දෙසට ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 08දෙනෙකු නාගපට්ටන මුහුදේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ඊයේ (01දා) අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට පත් වූ අට දෙනාගෙන් තුන් දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර ඔවුන් මන්නාරමේ හා පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙයි. ඉතිරි පස් දෙනා ඉන්දීය ජාතිකයෝය.
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙම කේරළ ගංජා තොගය සමග සැකකරුවන් අට දෙනා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් නාගපට්ටන පොලීසිය වෙත බාර දී තිබේ.


advertistmentadvertistment