දකුණු ඉන්දීය ප්‍රාන්තයක් වන කේරළයේ පිහිටි ප්‍රකට ශ්‍රී ක්‍රිෂ්ණා හින්දු කෝවිල විසින් ප්‍රථම වරට ඇතුන් විසින් සජීවීව සිදු කරනු ලබන සම්ප්‍රදායික ආගමික වත්පිළිවෙත් ඉටු කිරීම සඳහා යකඩ ආවරණයක් සහිතව නිර්මාණය කළ රොබෝ ඝනයේ කෘත්‍රිම ඇතෙකු සේවයේ යොදා තිබේ. අලි ඇතුන් කෝවිල්වල ආගමික වත්පිළිවෙත් ඉටු කිරීම සඳහා යොදා ගැනීමෙන් එම සතුන්ට හිංසනයක් සිදු කෙරෙන බවට සත්ත්ව මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් වසර ගණනක් තිස්සේ එල්ල කරන චෝදනා හේතුවෙන් සජීවී අලි ඇතුන් වෙනුවට මෙම කෘත්‍රිම රොබෝ ඝනයේ ඇතුන් ආගමික වත්පිළිවෙත් ඉටු කිරීම සඳහා කෝවිලට පරිත්‍යාග කර ඇත්තේ “පෙටා” නමැති සත්ත්ව හිංසනයට එරෙහි සංවිධානය හා නිළියක වන පාර්වතී තිරුවොතු විසිනි.
මෙම කෘතීම යාන්ත්‍රික ඇතා ආගමික වත්පිළිවෙත් ඉටු කිරීම සඳහා යොදා ගැනීමෙන් අලි ඇතුන් එවැනි කටයුතුවලට යොදා ගැනීමෙන් සිදු වන සත්ත්ව හිංසනය හා එම සතුන් දම්වැල්වලින් ගැට ගැසීමෙන් සිදු වන කෲර වධ හිංසනය අවම කරලීමට හැකි වනු ඇති බවට ක්‍රිෂ්ණා හින්දු කෝවිල් බලධාරීහු විශ්වාසය පළ කර සිටිති. කේරළ ප්‍රාන්තයේ ත්‍රිසුර් දිස්ත්‍රික්කයේ ශ්‍රී ක්‍රිෂ්ණා හින්දු කෝවිල පිහිටා ඇත. ඉන්දියාවේ විවිධ ආගමික වත්පිළිවෙත් ඉටු කිරීම සඳහා පුරුදු පුහුණු කර ඇති කැලෑවලින් අල්ලාගත් අලි ඇතුන් 2500 ක් පමණ දෙනාගෙන් පහෙන් එකක් පමණ කේරළයේ වාසය කරති. කේරළයේ හින්දු කෝවිල් හා පන්සල්වල මෙසේ හීලෑ කරන ලද අලි ඇතුන් විශාල පිරිසක් දම්වැල්වලින් පාද ගැට ගසා වෛවර්ණ ඇඟලුම් පළඳවමින් ආගමික වත්පිළිවෙත්වල යෙදවීම මහා පරිමාණයෙන් සිදු කෙරේ.