කේවට්ටයන් ඈත්කර දසරාජ ධර්මයෙන් රට පාලනය කරන්න

119

මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිගෙන් නව ජනාධිපති රනිල්ට ලිපියක්

රටේ නායකයා තුළ තිබිය යුතු ගුණධර්ම 10ක් දසරාජ ධර්මය යන නමින් බුද්ධ දේශනාවේ පවතින බවත් එම දසරාජ ධර්මය මුල්කරගෙන කටයුතු කරමින් වැරදි උපදෙස් දෙන කේවට්ටයන් ඈත් කරගෙන ජනතා හඬට කන්දෙන උපදේශකයන් ළං කරගෙන විවිධ දුෂ්කරතා හා සාගින්න මැද ජීවත්වන ජනතාව සුඛිත මුදිත කරන්නට සියලු සහයෝගය අප විසින්ද ලබාදෙන බව රට රකින ජනහඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

එහි මෙසේද දැක්වේ.

ශ්‍රී ලංකාවේ උත්තරීතර ආයතනයක් වන පාර්ලිමේන්තුවට තේරීපත්වූ මහජන නියෝජිතයන්ගේ වැඩි ඡන්දයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 08 වන විධායක ජනාධිපති වශයෙන් තේරීපත්වූ ඔබතුමාට රට රකින ජනහඬ සංවිධානයේ සුභාශිංසනය පිරිනමමු.

අද අපේ රට ආර්ථික වශයෙන් මහත් අවාසනාවන්ත තත්ත්වයකට පත්වී තිබීමත් ඒ තුළින් දිනෙන් දිනම ජනතා උද්ඝෝෂණ වර්ධනය වෙමින් පවතින බවත් නොරහසකි. එවැනි තත්ත්වයකට මේ රට පත්වූයේ 69 ලක්‍ෂයක ඡන්දයෙන් තේරීපත්වූ හිටපු ජනාධිපතිවරයාගේ තිබූ සවන් නොදීමත්, සුදුස්සාට සුදුසු තැන ලබානොදී කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව කිවහොත් එය ඕනෑම කෙනෙක් අවිවාදයෙන් පිළිගන්නා කරුණකි.

අද බොහෝ උපදේශකවරු තම අභිමතාර්ථ ඉටුකර ගැනීම වස් රාජ්‍ය නායකයාට වැරදි උපදෙස් ලබාදෙන බව පිළිගත් සිද්ධාන්තයකි. අපි දන්නා තරමට එවැනි උපදෙස් ඔබතුමා පිළිනොගන්නා බව අප දනිමු. ජාත්‍යන්තර වශයෙන්, දේශීය වශයෙන් ආර්ථික වශයෙන් පරිණතභාවයක් ඇති දේශපාලන නායකයෙකු වශයෙන් පවත්නා තත්ත්වයන් අටුවා ටීකාවලින් විස්තර කළ යුතු නැත.

advertistmentadvertistment
advertistmentadvertistment