කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට පෙරේදා රාත්‍රියේ ඇතුළු වීමට තැත් කළ කිසියම් තැනැත්තකු වෙරළබඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දැන් ප්‍රශ්න කරගෙන යයි.
මෙම සැකකරුගෙන් ප්‍රශ්න කරගෙන යද්දී ඔහු හැඳුනුම්පත් දෙකක් ළඟ තබාගෙන පරිහරණය කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
එක් හැඳුනුම්පතක නම ඇන්ටන් ලෙස ද අනිත් හැඳුනුම්පතේ නම ඉමිතියාස් ලෙස ද සඳහන් බව පොලිසිය කියයි.
පොලිසිය මොහුගෙන් ප්‍රශ්න කරගෙන යද්දි ඔහු පොලිස් නිලධාරීන් සමග බහින්බස් වී ඇති බව ද පොලිසිය කියයි.
තමාගේ පියා කිතුණු බැතිමතකු බව ද, පියාගේ වියෝවෙන් පසු මව යළිත් විවාහයක් සිදු කර ගත් අයකු බව සැකකරු සඳහන් කර ඇත.
ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ ගීතිකා හඬ ඇසී තමා මෙම පල්ලියට ඇතුළු වීමට තැත් කළ බව ද සැකකරු පොලිසියට සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මෙම සැකකරු ඔහුගේ මාතලේ ගෙදර අඩදබරයකට පොලිස් වරෙන්තුකරුවකු වශයෙන් ද පොලිසියට අවශ්‍ය කරන අයකු බව ද පොලිසිය කියයි.
කොච්චිකඩේ දෙව්මැඳුරේ මංගල්‍යය යෙදී ඇත්තේ ලබන 12-13 දිනවලටය.
මෙම මංගල්‍යය නිමිත්තෙන් මේ දිනවල දෙව්මැඳුරේ රාත්‍රී (නුවාන) දේව මෙහෙයන් සිදු කෙරේ.
නෝමන් පලිහවඩන