ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කිරීමත් සමග බස්නාහිර පළාත සහ වයඹ පළාත මායිම් වන කොච්චිකඬේ තෝප්පුව පාලම අසල මාර්ග බාධකයේ ගමන් ගන්නා වාහන දැඩි පරීක්ෂාවට ලක් කෙරිණි.

පොලිසිය, යුද හමුදාව සහ ගුවන් හමුදාව මේ සඳහා එක්ව තිබූ අතර මෙහිදී මංගල යුවලක් ගමන්ගත් මෝටර් රථයක් කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ශ‍්‍රීනික ජයකොඩි මහතා සහ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් පරීක්ෂාවට ලක්කරන අයුරු ඡායාරූපයේ දැක්වේ.
අමරනන්ද විජේසේකර-මහවැව