කොටයට තැබූ පියාගේ හිස පුතාගේ පොලුපහරින් කුඩුවෙයි – අමන පුතකුගේ සාහසික අපරාධයක්

601

හිසට පොල්ලකින් පහරදී තම පියා මරා දැමූ බව කියන 29 හැවිරිදි පුතෙකු ජුනි මස 30 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් එන්. නානායක්කාර මහත්මිය පෙරේදා (26දා) නියම කළාය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරයට නියම වූයේ සුදුවාදේව ලහිරු ධනුෂ්ක නම්වු 29 හැවිරිදි අයෙකි.

ඉකුත් 25 වැනි දින සවස 7.30 ට පමණ මෙසේ ඝාතනය කොට ඇත්තේ මග්ගොන මාගල්කන්ද රොක්ලන්ඞ් වත්තේ පදිංචිව සිටි සුදුවාදේව ධනසිරි නම්වූ 66 හැවිරිදි තිදරු පියෙකි.

මෙම පිය පුතු දෙදෙනාම යන්ත‍්‍ර මගින් ලී ඉරීම, වඩු කාර්මික කටයුතුවල නිරත වන අය බවත් පුතාගේ යන්ත‍්‍රය ක‍්‍රියා විරහිතවීම නිසා පියාගේ යන්ත‍්‍රයෙන් පුතා ලී ඉරමින් සිට ඇති බවත් ඒ පිළිබඳව ගණනුදෙනු සම්බන්ධයෙන් ඇතිවූ වචන හුවමාරුවකින් පසුව මෙම සිද්ධිය වී ඇති බවත් පොලිසිය කියයි.

තෝව මම මරණවා යැයි පුතා කී විට ආ මරපන් කියා පියා හිස ලී කොටයක් මත තැබූවිට පුතා එක් පොලූ පහරක් හිසට එල්ල කර මෙම ඝාතනය සිදුකර ඇති බවට ද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය මියගිය අයගේ දියණියන් දෙදෙනෙකු දැක ඇති බවත් පොලිසිය සිද්ධිය වූ ස්ථානයට යනවිටත් සැකකාර පුතා පොල්ලත් සමග එම ස්ථානයේම සිටි බවත් පොලිසිය කියයි.

සිද්ධිය වූ ස්ථානය නිරීක්‍ෂණය කළ කළුතර අතිරේක මහෙස්ත‍්‍රාත් එන් නානායක්කාර මහත්මිය මේ පිළිබඳ පශාචාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර මහ රෝහලේ අධිකරණ වෛi නිලධාරිවරයාට නියම කළාය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප‍්‍රියන්ත, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත් පද්මකුමාර සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ධම්මික සිල්වා යන මහත්වරුන් ප‍්‍රමුඛ නිලධාරීන් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන අතර නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චන්දන තෙන්නකෝන් මහතා විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

විජයසිරි විද්‍යාසේකර කළුතර සමූහ, බණ්ඩාරගම ආර්. ඒ. එස් පේ‍්‍රමතිලක


advertistmentadvertistment