අධ්‍යාපන අමාත්‍යාංශයේ ජුන්ටාව ගුරුවරයා පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කළා – ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පුත්තලමේ උද්ඝෝෂණයේදී කියයි
කොටහේන ළමා අපචාර සිද්ධියකට සම්බන්ධ ගුරුවරයාට පුත්තලම ජාතික පාසලකට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ සිද්ධිය යට ගැසීමේ අරමුණින් යැයිද ලංකා ගුරු සංගමය මැදිහත්වී කළ හෙළිදරව්වෙන් සිද්ධිය තවදුරටත් යට ගැසීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාා පැවසීය. ඊයේ (09 දා) දහවල් පුත්තලමේදී පැවති දැවැන්ත උද්ඝෝෂණයක් ආමන්ත්‍රණය කරමින් සභාපතිවරයා තවදුරටත් මෙසේද පැවසීය.
“රට පුරාම මෙයට එරෙහිව හඬ නැගිය යුතුයි. පුත්තලම සහිරා විද්‍යාලයට අදාළ ගුරුවරයා අනුයුක්ත කිරීමට සහ ආණ්ඩුව මේ සිද්ධියට සම්බන්ධ පිරිස් ආරක්ෂා කිරීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් හා එක්ව මෙම උද්ඝෝෂණය සිදු කරනවා. ස්ත්‍රී දූෂකයා, හොරා ආණ්ඩුවේ එකෙක් නම් මේ ආණ්ඩුව ඌව රකිනවා. අනුරාධපුර විදුහල්පති වරයෙක් පසුගිය දිනක ළමා අපචාර සිද්ධියකට වරද පිළිගෙන වසර පහකට අත්හිටුවූ සිර දඬුවමක් සහ මුදලින් දඩ නියම කළා. තාමත් රාජ්‍ය සේවයේ කිසිම විනය ක්‍රියාමාර්ගයක් නෑ. විනය බලධාරියා නිහඬයි. මේව වෙන කෙනෙක් කළා නම් දහ පාරක් එල්ලල මරල. ආණ්ඩුකාර වරයත් ඇස් කන් පියාගෙන ඉන්නව.
මේ සිද්ධියට මාස අටක් ගතවෙලා අද තමා ගුරුවරයාව මාරු කරල තියෙන්නේ. සිද්ධිය වූ ආසන්න කාලයේම ක්‍රියාමාර්ග ගත්ත නම් දරුවගේ ජීවිතේ බේරිලා. අධ්‍යාපන අමාත්‍යාංශය, නිලධාරීන්, මෙහෙය වන්නේ වෙනම ජුන්ටාවක්. ගුරුවරයා පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කළේ මේ ජුන්ටාව බවට තොරතුරු තියෙනවා යැයිද පැවසීය.
නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා