කොටින්ගේ මෝටාර් තොගයක් නන්දිකඩාල්වලින් මතුවෙයි

31

විශේෂ කාර්ය බළකා මුලතිව් කඳවුරේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව  පසුගිය 04 දා සෙල්වපුරම්, නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී එල්.ටී.ටී.ඊ. යුද සමයේදී භාවිත කරන ලද බවට සැක කෙරෙන අතහැර දමා තිබූ මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. මුලතිව් කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්. ඒ. පී. ටී. රණතුංග ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සොයාගත් මෙම පුපුරන ද්‍රව්‍ය තොගය අතර මි.මී. 60 මෝටාර් උණ්ඩ 03 ක්, ආගස් වර්ගයේ බෝම්බ 01 ක්, අරූල් බෝම්බ 01 ක් සහ හඳුනා නොගත් බෝම්බයක්ද තිබූ බව පොලසිය කියයි. මෙසේ පොලිස් භාරයට ගත් පුපුරන ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා මුලතිව් පොලිසිය වෙත භාරදී තිබේ.

ඇන්ටන් ප්‍රනාන්දු
 

advertistmentadvertistment
advertistmentadvertistment