කොටි ඩයස්පෝරාව යුරෝපා පාර්ලිමේන්තුව අල්ලා ගනී… මන්ත්‍රීවරු අල්ලස් ගත්තාද?… පාස්කු ප‍්‍රහාරකයන් බේරා ගැනීමේ උත්සාහයක්ද හෙළිවෙයි

924

* යුරෝපා මන්තී‍්‍රවරු මෙරට ආරක්‍ෂාවට සහ අධිකරණයට මැදිහත් වෙති

 * පාස්කු ප‍්‍රහාරකයන් බේරා ගැනීමේ උත්සාහයක්ද හෙළිවෙයි

 * ස්විස් ත‍්‍රස්ත මර්දන පනත ජනතාව අනුමත කරති

කොටි ඩයස්පෝරාව යුරෝපා පාර්ලිමේන්තුව අල්ලා ගනී... මන්ත්‍රීවරු අල්ලස් ගත්තාද?... පාස්කු ප‍්‍රහාරකයන් බේරා ගැනීමේ උත්සාහයක්ද හෙළිවෙයි

2021 මාර්තු මස ජිනීවා මානව හිිමිකම් සමුළුව ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන් 28 කට යුද අපරාධ චෝදනා එල්ල කරමින් සාක්‍ෂි එකතු කිරීමට මහලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කි‍්‍රයාකරනු ලැබීය. ඉන්පසු මැයි 18 දා (ප‍්‍රභාකරන් මියගියදා) ඇමරිකානු කොන්ග‍්‍රසය වෙත ශී‍්‍ර ලංකාවට එරෙහිව තවත් යුද අපරාධ චෝදනාවක් ගොනුවිය. අනතුරුව ජුනි 10 දා ශී‍්‍ර ලංකාව සම්බන්ධව තවත් යෝජනාවක් සම්මත වූයේ රටවල් 30 ක් ඇතුළත් යුරෝපා පාර්ලිමේන්තු වෙත ශී‍්‍ර ලංකාවට ජී.පී.එස්. පල්ස් සහනය නතර කළ යුතුදැයි විමර්ශනය කර නිසි පියවර ගැනීම සඳහායි. යුරෝපා පාර්ලිමේන්තුව සම්මත කළ මේ යෝජනාවට අමුද්‍රව්‍ය සපයනු ලැබුවේ කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ජාලය හෙවත් ඩොලර් අරමුදල් මත යැපෙන ද්‍රෝහී කණ්ඩායමයි.

  මේ යුරෝපා පාර්ලිමේන්තු යෝජනාවෙන් මෙරට අභ්‍යන්තර කටයුතුවලට සෘජුව මැදිහත්වී ඇත. එම යෝජනාව මගින් මෙලෙස චෝදනා කර ඇත.

 1. ත‍්‍රස්ත මර්දන පනත ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව සංශෝධනය කර නැත.

 2. මරණ දඬුවම පැමිණවීම දිගින් දිගටම සිදුවීම.

 3. ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීමේදී ශී‍්‍ර ලංකාව ගිවිස ගත් මානව හිමිකම ප‍්‍රතිඥා ඉටු නොකිරීම.

 4. ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් පිරිහෙමින් පැවතීම.

 5. පාස්කු ප‍්‍රහාරය ගැන ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි.

 6. නීතිඥ හිස්බුල්ලා සහ අස්තාන් ජහිම් සහ හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර රඳවා ගැනීම.

 මෙම චෝදනාවලින් තහවුරු වන්නේ කොළඹ එන්ජී ඕ කල්ලිය චෝදනාවලට අදාළ තොරතුරු යුරෝපා සංගමයට යවා යෝජනාවක් සම්මත කර ගැනීමය. මෙහිදී නැගෙන බරපතළ ප‍්‍රශ්නය නම් පාස්කු ප‍්‍රහාරය පිළිබඳව යුරෝපා සංගමය සෘජුව මැදිහත්වීමයි.

 ලන්ඩන් පාලම උඩදී කෙම්බි‍්‍රජ් උපාධිධරයන් දෙදෙනකුට පිහියෙන් ඇන මරා දැමූ උස්මාන් කාන් නමැති ඉස්ලාමීය ත‍්‍රස්තවාදියාට වෙඩි 20 ක් තබා මරා දැමීමට බි‍්‍රතාන්‍ය පොලිසිය කි‍්‍රයාකර තිබුණි. එය නිත්‍යානුකූල ඝාතනයක් ලෙසට බි‍්‍රතාන්‍ය අධිකරණය තීරණය කළේය. එවන් පසුබිමක් මැද බි‍්‍රතාන්‍ය පොලිසිය ත‍්‍රස්තවාදියාට වෙඩි 20 ක් තැබුවේ අන්තර් ජාතික ප‍්‍රමිතීන්ට අනුවද?

 ස්විස් රජය පසුගියදා ත‍්‍රස්ත මර්දන පනතක් සම්මත කරනු ලැබීය. එම පනත් කෙටුම්පත සකස් වූයේ ජාත්‍යන්තර සම්මුතිවලට අනුවද යයි විමසිය යුතුය. මේ හැර මුම්බායිහි ටජ් හෝටලයට ප‍්‍රහාර එල්ල කළ ත‍්‍රස්තයාව ඉන්දීය අධිකරණ තීන්දුව මත එල්ලා මරා දැමීමට කි‍්‍රයා කෙරුණි. එහිදී යුරෝපා පාර්ලිමේන්තුව ජාත්‍යන්තර සම්මුති මත ඔහුට එරෙහිව නඩු විභාගය පැවැත්විය යුතු බව ඉන්දීය රජයට කියා සිටියේ නැත.

 එම තත්ත්වය මත පාස්කු ප‍්‍රහාරය ගැන අත්අඩංගුවේ පසුවන අන්තවාදී ඉස්ලාමීය ත‍්‍රස්තයන්ට එරෙහිව නඩු විභාග කළ යුත්තේ ජාත්‍යන්තර ඉල්ලීම අනුවද?

 එසේම සිවිල් සංවිධාන හෙවත් එන්ජී ඕ කල්ලිය සහ ස්වාධීන මාධ්‍යය යයි හඳුන්වන තක්කඩි සංවිධානවලට කටයුතු කිරීමේ අවකාශය වේගයෙන් හැකිලෙන බවද යුරෝපා පාර්ලිමේන්තුව කියා සිටී. මෑතකදී ගී‍්‍රසියේ සිට ලිතුවේනියාව බලා පියාසර කරමින් තිබූ රයින් එයාර් යානාව ප‍්‍රහාරක යානා ලවා බලහත්කාරයෙන් මින්ස්ක් ගුවන්තොටුපළට ගොඩ බැස්සීමට බෙලාරුස් ජනපති කි‍්‍රයා කළේය. එහි සිටි මාධ්‍යවේදියකුද අත්අඩංගුවට ගැනුණි. එහෙත් යුරෝපා පාර්ලිමේන්තුව බෙලාරුස් රටට එරෙහිව යෝජනාවක් සම්මත කිරීමට කි‍්‍රයා කළේ නැත. මෙවන් පසුබිමක් මැද සිවිල් සංවිධාන යයි හඳුන්වාගත් ඩොලර් අරමුදල් මත යැපෙන පාක්‍යසෝති සවරිමුත්තු, නිමල්කා ප‍්‍රනාන්දු, සුනන්ද දේශපි‍්‍රය හෙවත් රංජි මල්ලි, ජෙහාන් පෙරේරා වැන්න වුන්ට රටේ ජාතික ආරක්ෂාව සහ අධිකරණ කි‍්‍රයාදාමයට මැදිහත් විය හැකිද?

 රජයේ හෝ පුද්ගලික අංශයේ කිසිදු රැකියාවක් නොකරන මොවුන් ඇමරිකාව නෝර්වේ සහ යුරෝපා අරමුදල් මත යැපෙන හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර ඇප ලබාදීමකින් තොරව සිරභාරයේ සිටීම ගැන රජයට චෝදනා කරයි. එහෙත් යුරෝපා පාර්ලිමේන්තුව යහපාලන රජය යටතේ මිනී මරණ කොටි ත‍්‍රස්තයන් නිදහස් වීම ගැන කිසිදු ප‍්‍රකාශයක් කර නැත. එසේම හිටපු පොලිස් අධිකාරි ලක්‍ෂ්මන් කුරේ ඇප ලබාදීමකින් තොරව යහපාලන සහ වත්මන් රජය සමයේද වසර 12 ක් තිස්සේ රැඳවුම් භාරයේ සිටී. ඔහු ගැන යුරෝපා පාර්ලිමේන්තු යෝජනාවේ සඳහන් වී නැත්තේ එන්ජී ඕ කල්ලිය ශානි අබේසේකරව අපේ මිනිහා යයි හැඳින්වීම නිසාය. මේ අතර 200 කට අධික කොටි ත‍්‍රස්තයෝ යුරෝපා රටවල දේශපාලන රැකවරණ ලබා ඇත. ජර්මනිය, ප‍්‍රංශය, ඔස්ටේ‍්‍රලියාව, නෝර්වේ, ස්වීඩන් සහ ඕස්ටි‍්‍රයාවේද යුරෝපා සංගමයට අයත් නැති ස්විස්ටර්ලන්තයේද ඔව්හු ජීවත්වේ. මෙම පසුබිම මැද ත‍්‍රස්ත මර්දන පනත යටතේ මුස්ලිම් සහ වාර්ගික කණ්ඩායම් අත්අඩංගුවට ගෙන ඇතැයි යුරෝපා සංගමය කියයි. එසේනම් පාස්කු ප‍්‍රහාරය ගැන අත්අඩංගුවට ගෙන ඇති 700 කට අධික පිරිස මුස්ලිම් ජාතිකයන් නිසා අත්අඩංගුවේ පසුවන්නේද? යුරෝපා පාර්ලිමේන්තුව තවදුරටත් දන්වා ඇත්තේ ත‍්‍රස්ත මර්දන පනත සංශෝධනය කරන බවත් ජාත්‍යන්තර සම්මුති 22 ක් කි‍්‍රයාත්මක කරන බවද ශී‍්‍ර ලංකාව 2017 දී මැයි 19 දා ප‍්‍රතිඥාදීම නිසා ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමට එකඟවූ බවයි.

 එසේම 2020 සිට රාජ්‍ය සේවයට හිටපු හමුදා නිලධාරීන් 28ක් පත්කර ඇති අතර එක්සත් ජාතීන් විසින් යුද අපරාධ චෝදනා එල්ල කර ඇති නිලධාරීන් දෙදෙනකුද උසස් ධුරවලට පත්කර ඇති බවට යුරෝපා පාර්ලිමේන්තුව චෝදනා කර ඇත.

 මෙම චෝදනා එල්ල කර ඇත්තේ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටය.

 ඒ අනුව ජිනීවා-ඇමරිකා සහ යුරෝපා සංගමයට අයත් රටවල් 30 කින් ඔවුන් දෙදෙනාව යුද අපරාධ චෝදනා එල්ලවී තිබේ. එහෙත් යුරෝපා සංගමය තුළ සිටින කොටි යුද අපරාධකරුවන් 200 කට අද වන තුරු කිසිදු යුද අපරාධ චෝදනාවක් එල්ල වී නැත. මේ තත්ත්වය මත යුරෝපා රටවල සිටින ශී‍්‍ර ලංකා තානාපතිවරු කුමක් කරන්නේද? යුරෝපා සංගමය විසින් දේශපාලන රැකවරණ ලබාදී ඇති කොටි 200 ක කණ්ඩායම ගැන ජර්මනිය ප‍්‍රංශය ඇතුළු රටවල්වල මාධ්‍යයන්හි එකදු වාර්තාවක්වත් පළකර ගැනීමට තානාපතිවරුන්ට නොහැකිවී ඇත්තේ මන්ද?

 මේ අතර ඉන්ර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය මෙරට ත‍්‍රස්ත මර්දන කි‍්‍රයාදාමයට සහ මත්ද්‍රව්‍ය පාලනය සඳහා කි‍්‍රයාත්මක කරන වැඩසටහනට යුරෝපා සංගමය තවදුරටත් අරමුදල් ලබාදිය යුතුද යන්න ගැන විමර්ශනය කිරීමට යුරෝපා කොමිසම කටයුතු කළ යුතු යයිද ඉල්ලා ඇත. යුරෝපා පාර්ලිමේන්තුව තවදුරටත් සම්මත කළ යෝජනාවේ දක්නට ඇත්තේ බරපතළ ලෙස මානව හිමිකම් කඩ කළ හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු ගොනුකරන ලෙසත් එම කටයුතුවලට රජය මැදිහත් නොවන ලෙසත්ය. මෙම පසුබිම මැද ශී‍්‍ර ලංකාව යුරෝපා සංගමයට යවන මත්ස්‍ය නිෂ්පාදන සහ ඇඟලූම් සඳහා සහන අහිමිවීමේ තත්ත්වයක් උදාවී තිබේ.

 මේ සහනය කපා දැමීමේ සතුරන් සිටියේ මෙරට සහ විදේශ රටවල බව රජය අවධාරණයට ලක්කළ යුතුය. එසේම වැරදි පුවත් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව නීතිරීති සැකසීමට තීරණය කිරීම ගැනද යුරෝපා සංගමයේ විරෝධය එල්ලවී ඇත. එසේනම් ඕනෑම සාවi පුවතක් විකාශනය කිරීමට ඉඩදිය යුතුද?

 මෑතකදී ඉන්දියාව වට්ස් ඇප් භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමට සැලසුම් කර තිබූ අතර යුරෝපා පාර්ලිමේන්තුව ඊට එරෙහි වූයේ නැත.

 මෙයට සති කීපයකට පෙර මෙරට අමනයෙක් පලස්තීන බලධාරීන් ඊශ‍්‍රායලයට එරෙහිව සටන් කිරීම සඳහා හිටපු හමුදා ප‍්‍රධානියකුගෙන් සහයක් ඉල්ලා තිබූ බවත් එම හමුදා ප‍්‍රධානියා තමා රහසේ පලස්තීනයට උදව් කරන බව පවසා තිබූ බවටත් දැක්වෙන ෆේස්බුක් පුවතක් ප‍්‍රකාශයට පත්කර තිබුණි. මේ පුවත ලියූ අමනයාට එම පුවත තමාගේ නමින් පළ කරනු වෙනුවට වෙනත් පුද්ගලයකුගේ නමින් පළ කිරීමට ඉඩදිය යුතුද?

 මේ අතර යුරෝපා සංගමය විසින් යුරෝපා අධිකරණය වෙත කොටි ත‍්‍රස්තවාදීන් සිදුකළ අපරාධවලට අදාළ සාක්‍ෂි ඉදිරිපත් නොකිරීම නිසා කොටි තහනම ඉවත්කර තිබේ. මෙලෙස යුරෝපා අධිකරණය වෙත පුවත්පත්වල පළවූ වාර්තා මගින් රජිව් ගාන්ධි ඝාතනයට අදාළ තොරතුරු සහ වෙනත් අපරාධ ගැන යුරෝපා සංගමය එම අධිකරණය වෙත ඉදිරිපත් නොකළේ කොටි බලපෑම නිසාද?

araksha5ඒ සඳහා එවකට සිටි ශී‍්‍ර ලංකාවේ යහපාලන රජයද තම තානාපතිවරයා ලවා කොටි අපරාධ ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට කි‍්‍රයාකර නැත. මෙවන් පසුබිමක් මැද යුරෝපා පාර්ලිමේන්තුවේ 705 ක් වූ මන්තී‍්‍රවරුන්ගෙන් 626 කගේ අනුමැතිය මත ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාව සම්මතවී ඇත.

 එහෙත් මෙරට යහපාලන රජය තිබුණේ නම් මෙවන් යෝජනාවක් කිසිදු විටෙක ඉදිරිපත් වන්නේ නැත. මේ යෝජනාව එක එල්ලේම සම්මතවී ඇත්තේ ගෝඨා පාලනයේ බොටුව සිර කිරීමට බව කොටි ඩයස්පෝරාව අනාවරණය කර ඇත. එය තවදුරටත් සනාථ වන්නේ ජීඑස්පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුව අවධානය යොමුකරන බව ප‍්‍රකාශ කිරීමයි. මේ අතර හිටපු ඇමරිකානු හමුදා නිලධාරීන් සීඅයිඒ සංවිධානයට සම්බන්ධ යූඑස්ඒඞ් සංවිධානය ඔස්සේ මෙරටට පැමිණෙන බව අපි මෙයට පෙර විශේෂයෙන් හෙළි කළෙමු. ඒ අනුව පසුගියදා පැවැති ආරක්‍ෂක මණ්ඩල රැස්වීමේදී බුද්ධි අංශ බලධාරියා ඒ ගැන ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවධානයට යොමුකරනු ලැබීය. එම තොරතුරද පිටස්තර පාර්ශ්වයකට වාර්තාවී තිබුණි. යූඑස්ඒඞ් සංවිධානය මෙහෙයවන පාට්නර් වැඩසටහන මෙහෙයවන මැක් නමැත්තා එවැන්නෙකි. මොහු සතුව ගමන් බලපත් දෙකක් ඇති අතර ඔහු මෙරටට පැමිණ ඇත්තේ සංචාරක වීසාවකින් බව හෙළිවිය. එසේම නයිජීරියානුවකු වූ ජෝර්ජ් අද්දාස් නමැත්තාද මෙරටට පැමිණ ඇති අතර ඔහු මැක් නමැත්තා යටතේ කටයුතු කරයි. එසේ වුවත් පාට්නර් සංවිධානයේ අබිරහස් කි‍්‍රයා ගැන පුළුල් විමර්ශනයක් පැවැත්වේ. මෙයට සමගාමීව ට‍්‍රැවිස් නමැති ඇමරිකානුවාද හිටපු හමුදා නිලධාරියෙකි. ඔහුගේ දෙවැනියා ලෙස උතුරේ පදිංචිකරුවකු වන කාර්ති නමැත්තියද කටයුතු කරයි.

 මේ අතර යූඑස්ඒඞ් සංවිධානයේ ප‍්‍රධානියා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ හමුවී ඇත. ඔව්හු යූඑස්ඒඞ් සංවිධානය ගැන රජය පරීක්‍ෂණයක් කරන්නේද යන්න ගැන ජනපති රාජපක්‍ෂගෙන් විමසා තිබේ. මේ තත්ත්වය මැද යුරෝපා පාර්ලිමේන්තුව හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර රිමාන්ඞ් භාරයේ සිටීම ගැන පමණක් කනගාටුව පළකර තිබීම විමතියට කරුණකි. ඔහුගේ සමයේ විවිධ චෝදනා මත ආරක්‍ෂක අංශ නිලධාරීන් 41 ක් සිරගතවූ අතර අධිකරණ බලයකින් තොරව ඉන් කිහිප දෙනෙකු මහර සිරගෙදර රැඳවීමට කි‍්‍රයාකරනු ලැබීය. එසේම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමේ දැඩි උත්සාහයක්ද රහස් පොලිසිය දියත් කළත් අධිකරණයෙන් ඊට ඉඩක් ලැබුණේ නැත.

 ශානි අබේසේකර විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සිරගෙට යැවීම සඳහා බොරු සාක්කි ගොනු කිරීම ගැනද චෝදනා එල්ලවී ඇති අතර ඒ ගැන යුරෝපා පාර්ලිමේන්තුව අවධානය යොමුකර නොමැත. මේ අතර ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ල වූයේ 2020 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙර සිට බව අනාවරණය විය.

 2011 දෙසැම්බර් මස 11 වැනිදා දහවල් 1.38 ට බි‍්‍රතාන්‍යයේ ගාඩින් පුවත්පතේ විදේශ වාර්තාකරු ඇලෙක්ස් ස්පිලිලූස් එවකට ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කි‍්‍රස් නෝනිස් වෙත විiුත් ලිපියක් එවමින් ශී‍්‍ර ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව දිවුරුම් ප‍්‍රකාශයක් දෙමින් දෙමළුන්ව වනසා දමන ලෙස නියෝග කළ බව සඳහන් කර තිබුණි. නිව්යෝර්ක් නුවර නීතිඥයකු හමුවේ එම හමුදා නිධාරියා දිවුරුම් ප‍්‍රකාශ ලබාදී ඇතැයි එම වාර්තාවේ තවදුරටත් පවසා තිබේ.

 මේ පිළිබඳව ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය ප‍්‍රතිචාර දක්වා ඇත්තේ එල්ලකරන චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බවයි. එහෙත් මේ හිටපු හමුදා නිලධාරියා කවුද හෝ ඔහු ශී‍්‍ර ලංකාවේ සිටියේද යන්න ගැන අද වනතුරු වත්මන් රජය සෙවීමක් කළේ නැත. මෙම හමුදා නිලධාරියා තවදුරටත් මෙරට දකුණු පළාතේ සිටින අතර හමුදා පොලිසිය රාජද්‍රෝහි චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට නොගන්නේ මන්ද යන්න පුදුමයකි.

 ශී‍්‍ර ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට බලපෑවේ එම හමුදා නිලධාරිය ාගේ දිව්රුම් ප‍්‍රකාශයකි. මෙවන් පසුබිමක් මැද පාකිස්තානයේ අයිඑස්අයි බුද්ධි සේවාව ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ගේ සැක කටයුතු කි‍්‍රයා ගැන ශී‍්‍ර ලංකාවේ බුද්ධි සේවාවට අනතුරු අඟවා තිබූ බව දැන් අනාවරණය වී ඇත. පාකිස්තානයේ මහකොමසාරිස් මේජර් ජෙනරාල් මොහමඞ් සාද් හෙළි කළේ අයිසිස් ඇතුළු කණ්ඩායම්වල සංවාද ගැන තම රටේ බුද්ධි සේවා නිරීක්‍ෂණය කළ බවයි. එම සංවාදවලදී අයිසිස් ත‍්‍රස්තයන්ට ශී‍්‍ර ලංකාව ගැන සඳහන් කරන බව හෙළිවූයේ යයි හෙතෙම දන්වා තිබේ.

 එහෙත් එවකට සිටි බුද්ධි ප‍්‍රධානියා පාකිස්තාන් අයිඑස්අයි බුද්ධි සේවාවේ තොරතුරු වසන් කර ඇත. පාකිස්තාන් මහ කොමසාරිස්ගේ ප‍්‍රකාශයෙන් තහවුරු වන්නේ පාස්කු ප‍්‍රහාරයට අයිසිස් සබඳතාවයයි. එහෙත් හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර අයිසිස් සබඳතාවයන් තහවුරු වීම ප‍්‍රතික්‍ෂේප කර තිබේ. මේ අතර යුරෝපා පාර්ලිමේන්තුව සම්මත කළ ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාවේ පසුබිමේ සිටින්නේ බි‍්‍රතාන්‍යය සහ යුරෝපා කොටි ඩයස්පෝරාව බව අනාවරණය වී ඇත. ගෝලීය ද්‍රවිඩ සංසදය ඇතුළු යුරෝපයේ ඇති කොටි හිතවාදී සංවිධාන 17 ක් ඊට දායකවී තිබේ. කොටි ඩයස්පෝරාව සතුව ඇති විශාල මුදල් සම්භාරයක් නිසා යුරෝපා මන්තී‍්‍රවරු මුදලට ගැනීමේ හැකියාව තිබේ. මෙම පසුබිම මැද ස්විස් ජනතාව එරට ත‍්‍රස්ත මර්දන පනතට සියයට 56.6 ක අනුමැතිය දී ඇත. මෙකී පනතට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ රාජ්‍ය නොවන සංවිධානද දැඩිලෙස එරෙහි විය. එහෙත් ස්විස් ජනතාව එම විරෝධතාවයට පයින් ගසනු ලැබීය. එසේ වුවත් යුරෝපා පාර්ලිමේන්තුව ස්විස් ත‍්‍රස්ත පනත සම්මත වීමට එරෙහි වූයේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment