බණ්ඩාරගම- ආර්.ඒ. පේ‍්‍රමතිලක
මොරටුව විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව අඟුලාන දුම්රිය පොළ ඉදිරිපිට නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, දේශීයව නිපද වූ කුඩා පිස්තෝලයක්, ජීව අත්බෝම්බ එකක්, ජීව උණ්ඩ 10ක්, කිනිසි 02ක්, කුඩා කඩු 02ක්, මන්නා පිහියක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ යූ. මයිකල් විල්ෆ්රඞ් පෙරේරා (48*, යූ. ශේහාන් රමේෂ් පෙරේරා (22* යන පිය පුතු දෙදෙනා සහ ඩබ්ලිව්. රංජිත් සමන්ත (50* යන පුද්ගලයා ය.
මෙම අත්අඩංගුවට පත් පුද්ගලයින් තිදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන බව විශේෂ කාර්ය බළකා නිලධාරීහු ප්‍රකාශ කළහ.
මෙම අත්අඩංගුවට පත් තිදෙනා පාතාල කල්ලි සාමාජික ‘කොණ්ඩ ජනියා’ සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් වන බවත් මොවුන් විසින් නිෂ්පාදනය කරන ලද මෙම අවි ආයුධ ‘කොණ්ඩ ජනියාට’ ලබා දෙනවා දැයි පරීක්ෂණ සිදුකරන බවත් විශේෂ කාර්ය බළකා නිලධාරීහු ප්‍රකාශ කළහ.
වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකර ගෙන යනු ලබයි.