කොතලාවලගේ මරණ පරීක්ෂණ 3ක මරණය සිදු වූ වේලාවන් 3ක්

110

රඳවාගෙන සිටි අයගෙන්වත් පොලිසිය ප්‍රකාශ ගෙන නෑ
ගෝල්ඩන් කී තැන්පත්කරු උසාවියට කියයි

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් විමර්ශන හරියාකාරව සිදුවී නොමැතිනම් ජාතික පොලිස් කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයාට යළි පැමිණිලි කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (24දා) ගෝල්ඩන් කී තැන්පත්කරුවකු වන ජූඩ් මාර්කෝ පෙරේරා මහතාට දැනුම් දුන්නේය.

මාර්කෝ පෙරේරා මහතා ඊයේ නීතිඥ සහායක් නොමැතිව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, ලලිත් කොතලාවල මහතාගේ මරණය සිදුවූ වේලාව පිළිබඳව මතිමතාන්තර කිහිපයක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නගත බවයි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පැමිණ සිදුකළ මරණ පරීක්ෂණයේදී මරණය සිදුවූ වේලාව මධ්‍යම රාත්‍රි 00.58 ලෙස සඳහන් වී ඇති බවත් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය අනුව කොළඹ අධිකරණ වෛi නිලධාරිවරයා විසින් සිදුකළ මරණ පරීක්ෂණ වාර්තාවේ මරණය සිදුවූ වේලාව ලෙස පෙරවරු 4.08 ලෙස සඳහන් වී ඇති බවත් පැවසූ ජූඩ් මාර්කෝ මහතා, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත්තේ මරණය සිදුවූ වේලාව පෙරවරු 03.58 ලෙස යැයි ද පැවසීය.

මරණයට පත්වීමට පෙර කොතලාවල මහතාව ඔහුගේ නිවසින් රැගෙන ගොස් රඳවා ගෙන සිටි අයගෙන් හෝ රෝහලේදී ඔහු අසල සිටි

අයගෙන් හෝ බම්බලපිටිය පොලිසිය කිසිම ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවද අධිකරණයට පැවසූ ජූඩ් මාර්කෝ පෙරේරා මහතා කොතලාවල මහතා බලහත්කාරයෙන් රඳවාගෙන සිටි පිරිස අතර හිටපු පොලිස්පතිවරයකුගේ මස්සිනා කෙනකු ද සිටි බව කියා සිටියේය.

සියලු කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නඩුව නැවත තම අධිකරණය හමුවේ කැඳවීම අවසන් කරන බවත් අවශ්‍ය පාර්ශ්වයකට මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයැදුම්පතක් ගොනු කිරීමේ හැකියාව තිබෙන බවත් පැවසීය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment