කොතලාවල පනතේ ඇත්ත සහ සැබෑ අධ්‍යාපනයට ප්‍රවේශය

240

නිදහස් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ සංවාදය යළිත් මතුවී තිබේ. කොතලාවල පනත මඟින් යළිත් වතාවක් නිදහස් අධ්‍යාපනය වළ දමන්නට රජය අරඅඳිමින් සිටින බවට කොතලාවල පනතට එරෙහි බලවේග ප‍්‍රකාශ කර තිබේ. නමුත් රජය පැත්තෙන් මෙතෙක් කොතලාවල පනතේ අවශ්‍යතාව ගැන පැහැදිලි කිරීමක් නැත. ඒ වෙනුවට ගරු ජනාධිපතිතුමා පසුගිය දා ප‍්‍රකාශ කළේ තමන් ද කොතලාවල පනතට කැමැත්තක් නැති බවත් උසස් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා කොතලාවල පනතට සුදුසු විකල්පයක් ඉදිරිපත් කරන ලෙසත්ය.

 * කොතලාවල ඉතිහාසය

 කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නැති රජයේ විශ්වවිද්‍යාලයකි. 1981 දී කොතලාවල ආරක්ෂක ඇකඩමිය පිහිටුවා, මොරටුව හා කොළඹ විශ්වවිද්‍යාලවලට අනුබද්ධව එම සිසුන්ට උපාධි ප‍්‍රදානය කරනු ලැබීය. 1988 දී උපාධි පිරිනැමීමේ බලතල ද කොතලාවල ආරක්ෂ ක ඇකඩමියටම ලබා දී ඇත. 2007 දී එහි නම වෙනස් කර ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (ණෘඹ* ලෙස රජයේ ආරක්ෂක අමාත්‍යංශයේ විශ්වවිද්‍යාලයක් බවට පත්විය. ඊට 1981 සිට කැඩෙට් නිලධාරීන් බඳවා ගත් අතර, 2012 පටන් සහනදායී ගාස්තු අයකර ඉගැන්වීම සඳහා සිවිල් ශිෂ්‍යයන් ද බඳවා ගෙන ඇත.

 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, පීඨ 11 කින් යුක්තය. 2009 දී වෛද්‍ය පීඨය ද ස්ථාපිත කරනු ලැබූ නමුත් මේ වනතෙක් ඊට ශ‍්‍රී ලංකාවේ සිවිල් සිසුන් ඇතුළත් කරගෙන නැත. තවද, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධව මිලිටරි, නාවික හා ගුවන් හමුදා පුහුණු ආයතන ද ජාතික ආරක්ෂක විදුහල ද හමුදා ප‍්‍රවර්ධන පාසල ද උපාධි පිරිනැමීම සිදු කෙරේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පසුගිය අවුරුදු 40 ක කාලය තුළ සිවිල් උපාධිධාරීන් 1000 ක් ඇතුළුව උපාධිධාරී 5000 කට වැඩි පිරිසක් ද බිහිකර ඇත.

 * කොතලාවල පනතින් උසස් අධ්‍යාපනය පුද්ගලීකරණය වේද?

 දැනට ඉදිරිපත් වී ඇති කොතලාවල පනත මඟින් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඊට විරුද්ධ වන අය ප‍්‍රශ්න දෙකක් ඉදිරිපත් කර ඇත. එනම් පුද්ගලීකරණය හා මිලිටරිකරණයයි.

 පුද්ගලීකරණයට අර්ථ දෙකක් ඇත. පළමු වැන්න නම් පුද්ගලික අයිතිය යටතේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමයි; දෙවැන්න නම් ගාස්තු අය කර ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබාදීමයි.

 පුද්ගලික අයිතිය – අපොස උසස් පෙළ

 විභාගයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන වසරකට 190,000 ක් පමණ සිසුන් අතරින් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යටතේ ඇති නොමිලයේ උගන්වන රජයේ විශ්වවිද්‍යාල 16 ට වසරකට 40,000 ක් පමණ ඇතුළු වෙති. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නැති, එහෙත් රජයේ අයිතිය යටතේ ඇති, නොමිලයේ උගන්වන විශ්ව විද්‍යාල ලෙස බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය හා සාගර විශ්වවිද්‍යාලය සැලකිය හැකිය. මෙම විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පිටතින් පවතිනුයේ සිසුන් බඳවා ගනු ලබන පටිපාටියේ ලිහිල් බව නිසාය; බඳවා ගැනීම හුදෙක් ’ අගය මත පදනම් නොවන නිසාය. ඒවාට භික්ෂූන්වහන්සේලා, හමුදා නිලධාරීන් වැනි විශේෂිත වූ ඉලක්ක කණ්ඩායම් ඇත. ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අයත් වන්නේ රජයේ අයිතිය යටතේ පවතින විශ්වවිද්‍යාලයක් ලෙසයි.

 ගාස්තු අය කිරීම – ශ‍්‍රී ලංකාවේ රජය මඟින් ගාස්තු අයකර උපාධි පාඨමාලා පැවැත්වීම ද සාමාන්‍ය දෙයකි. උසස්පෙළ සමත් නමුත්, ’ අගයේ තරඟය නිසා පස්සට තල්ලූ‍ වූ සිසුන් පිරිසකට රජයේ විවෘත විශ්වවිද්‍යාලයයෙන් හා රජයේ විශ්වවිද්‍යාලවල බාහිර උපාධි මඟින් සහනදායී ලෙස ගාස්තු ගෙවා ඉගෙනීමට හැකිය. කොතලාවල විශ්විද්‍යාලය ද දැනටමත් සිවිල් ශිෂ්‍යයන්ගෙන් සහනදායී ලෙස ගාස්තු අයකර උපාධි අධ්‍යාපනය ලබාදෙයි. 100%ක්ම රජයට අයත්වන භීඊඵ වැනි ආයතන ද ගාස්තු අය කරන උපාධි පාඨමාලා පවත්වාගෙන යයි. එබැවින් රජයට අයත් විශ්වවිද්‍යාල මඟින් ගාස්තු අය කර උපාධි පාඨාමාලා පැවැත්වීම අලූත් දෙයක් නොවේ.

 පුද්ගලික අංශයේ උපාධි ප‍්‍රධාන ආයතන 24 ක් ද දැනටමත් ගාස්තු අයකරන උපාධි පාඨමාලා, වසරකට 20,000 ක පමණ වූ සිසුන් පිරිසක් සඳහා පවත්වාගෙන යයි. ඊට ඇතුළත් වන සිසුහු බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ නමුත් ’ අගය මත රජයේ විශ්වවිද්‍යාලයකට නොතේරුණු අය වෙති. එම ආයතන විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නොව, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වේ. තවද වසරකට 10,000 ක් පමණ වූ සිසුන් පිරිසක් විදේශ රටවලට ගොස් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන විශ්ව විද්‍යාලවලින් උපාධි ලබා ගනිති. එනම් ශ‍්‍රී ලංකාවේ මේ වනවිට බිහිවන උපාධිධාරීන්ගෙන් 40-45% ක් පමණ දැනටමත් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ඍජු අධීක්ෂණයකින් තොරව, ගාස්තු ගෙවා පාඨමාලා හැදැරීමෙන් අනතුරුව, උපාධි ලබා ගනිති. මේ නිසා පුද්ගලික අංශය මඟින් ගාස්තු අයකර උපාධිය සඳහා ඉගැන්වීම ද අලූත් දෙයක් නොවේ.

 * කොතලාවල පනතින් උසස් අධ්‍යාපනය මිලිටරිකරණය වේද?

 කොතලාවල විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ඉදිරිපත් වන දෙවන චෝදනාව නම් මින් අධ්‍යාපනය මිලිටරිකරණය වන බවයි. එනම් කොතලාවල දී තීරණ ගන්නේ මිලිටරි ක්ෂේත‍්‍රයේ අයයි. එමෙන්ම ශිෂ්‍යයන්ට මිලිටරි විනය පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් ද ලැබේ. එමෙන්ම කොතලාවල විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංවිධාන ද තහනම්ය. එම හේතු නිසා විශ්ව විද්‍යාල විසින් පවත්වාගෙන යායුතු සිතීමේ, හා ස්වාධීනව දැනුම ලබාගැනීමේ වටපිටාව එනම් ශාස්ත‍්‍රීය නිදහස’ අහෝසි වීමේ අනතුරක් ඇත. මෙහිදී ඉදිරිපත් වන තවත් කාරණයක් නම් එවන් පරිසරයක බිහිවන උපාධිධාරීන් බොහෝවිට රාජ්‍ය සේවයට හා පුද්ගලික අංශයට පිවිසීම නිසා මිලිටරි සම්ප‍්‍රදායයන් සිවිල් සමාජය තුළට ද කිඳාබැසීමට ඉඩ ඇති බවය.

 මෙය මිලිටරිකරණය පිළිබඳ කථාව සැබෑවක් ද නැතිනම් හිතලූ‍වක්ද? මේ පිළිබඳව මේ අවස්ථාවේ දී ස්ථිර නිගමනයකට පැමිණීමට නොහැකි හේතු කිහිපයකි. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ ඇති රජයේ විශ්ව විද්‍යාලවල නිදහස්, ශාස්ත‍්‍රීය වටාපිටාවකින් බිහිවූ උපාධිධාරීන්ගේ තත්ත්වය ගැන අපට සෑහීමකට පත්වීමට නොහැක. රටේ පාසැල් අධ්‍යාපනය ඉතාම ඉහළින්ම හදාරා, විශිෂ්ටම ප‍්‍රතිඵල ලබා, ඉන්පසු රජයේ විශ්ව විද්‍යාලවලින් ඉගෙනුම ලබා පිටතට එන උපාධිධාරීන්ට අඩුම ගණනේ තමන්ගේ කුසලතාවට ගැලපෙන රැුකියාවක්වත් සොයාගැනීමට හැකියාවක් නැත. ඔවුනගේ නිර්මාණශීලී හැකියාව මොටවී ඇත. ඉන්පසු ඔවුනට රැුකියාවක් ලබා දීමේ වගකීම ද රජයට පැවරේ. අනෙක් අතට අඩු ’ අගයක් ලබා උපාධි ප‍්‍රදාන ආයතනවලින් ගාස්තු ගෙවා අධ්‍යාපනය ලබන උපාධිධාරීහු, රජයේ උපාධිධාරීන් මෙන් දුක් අදෝනා නොනඟන බැවින් හා ඔවුන් නිර්මාණශීලිත්වයෙන් වඩා ඉදිරියෙන් සිටින බැවින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට හා රජයේ විශ්ව විද්‍යාලවල සභාවලට වඩා පුද්ගලික විශ්ව විද්‍යාලවල පාලක සභාවල තීරණ වඩා යථාර්ථවාදී බව පෙනේ.

 පසුගිය සමයේ රජයේ විශ්ව විද්‍යාලවල නවක සිසුන් හට, පාඨමාලාව ආරම්භයේ දීම ශ‍්‍රී ලංකාවේ හමුදා කඳවුරු ආශ‍්‍රීතව කෙටි කාලීන පුහුණුවක් ලබා දුණි. ඉන් නරකක් වුණේද නැද්ද යන්න පැහැදිලි නැත. අනෙක් අතට කොතලාවල ආදි සිසුවෙක් වන මහාචාර්ය කපිල පෙරේරා මහතා දැන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරයි. ඊට පෙර ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් වූ එහි ආචාර්යවරුන් විශාල පිරිසකගේ ඡුන්දයෙන් තේරීපත්ව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස ද කටයුතු කළේය. සමස්තයක් ලෙස ගත් විට නිදහස් අධ්‍යාපනයේ වගකීම දරණ, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ ප‍්‍රගතිය හොඳ මඳි නිසා මිලිටරීකරණය නොවුණත් අනිවාර්යයෙන්ම සජීවීකරණයකට රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලක්විය යුතුව ඇත.

 * කොතලාවල පනතේ සැඟවුණු රහස – අගයට පිටින් රාජ්‍යකරණය කළ හොර පාරක්!

 කොතලාවල විශ්ව විද්‍යාලයට ද වෙනත් පුද්ගලික අංශයේ විශ්ව විද්‍යාලවලදී මෙන්ම , රජයේ ’ අගයේ ප‍්‍රමුඛතා පදනමට පිටින් සිසුන් බඳවා ගැනේ. නමුදු එය රජයේ විශ්ව විද්‍යාලයක් ලෙස ලැබෙන වරප‍්‍රසාද භාවිතකරන නිසා, සිසුන්ගෙන් මුළු මුදලම නොව කොටසක් පමණක් සහනදායී ගාස්තු ලෙස අය කර උගැන්වීමට ඊට හැකිය.

 මෙම පනත නිසා කොතලාවල විශ්වවිද්‍යාලය, රජයේ’ අගයේ ප‍්‍රමුඛතා පදනමට පිටින් විශාල වශයෙන් සිසුන් බඳවා ගන්නා විශ්වවිද්‍යාලයක් බවට පත්වනු ඇත. රජයේ ප‍්‍රතිපාදන ද ඇති බැවින් සහනදායී ගාස්තු ක‍්‍රමයක් ද භාවිත කළ හැකිය. වෙනත් පුද්ගලික විශ්වවිද්‍යාලවලට යොමුවන සිසුන්, විදේශ අධ්‍යාපනය සඳහා විදේශ ගතවන සිසුන්, අපොස (උසස් පෙළ* සමත් ව අතරමංවී සිටින සිසුන් හා විදේශීය සිසුන් කොතලාවල විශ්ව විද්‍යාලය වෙත විශාල වශයෙන් ඇතුළත් කරගැනීමට හැකිවේ. එම නිසා කොතලාවල විශ්ව විද්‍යාලයට, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ ඇති රජයේ විශ්ව විද්‍යාල පමණක් නොව, පුද්ගලික අංශයේ විශ්ව විද්‍යාල ද අභිබවා ඉතා ඉක්මනින් පෙරට පැමිණීමට හැකිවේ. දැනටමත් කොතලාවල විශ්ව විද්‍යාලයට අංග සම්පූර්ණ වෛද්‍ය විද්‍යා පීඨයක් තිබීම නිසා වෛද්‍ය පීඨ පමණක් පුද්ගලීකරණය නොවිය යුතු යැයි හිතන අය ද මින් කලබලයට පත්වනු නොඅනුමානය. රජය කොතලාවල විශ්වවිද්‍යාලයට විශාල වශයෙන් ආයෝජනය කිරීමට සූදානම් බවද මෑතකදී ප‍්‍රකාශ විණි. මෙම පනත මඟින් උසස් අධ්‍යාපනය පුද්ගලීකරණයවීම පිළිබඳව අලූ‍තින් වෙනසක් සිදුවන්නේ නැති නමුත් ඉන් දැවැන්ත ප‍්‍රමාණාත්මක වෙනසක් සිදුවීමට නියමිතය.

 මේ අනුව නව කොතලාවල පනතින් ඇත්ත වශයෙන්ම සිදු වනුයේ, පෞද්ගලික අංශය සතු උපාධි වෙළෙඳ පොළින් කොටසක් යළි රජය සතුවීමයි. එනම් අධ්‍යාපනය පුද්ගලීකරණය වීම’ නොව යළි රාජ්‍යකරණය වීම’ යි.

 * අධ්‍යාපනයේ මූලික අර්බුදය – උසස්පෙල සමත් සිසුන් විශාල පිරිසක් අතරමං වීමයි

 උසස්පෙළ යනු සැබෑවටම දැනුම මණින විභාගයක් නොව විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා වන තරඟ විභාගයකි. එහි දී කෙළින්ම ’ අගයෙන් නොව, දිස්ත‍්‍රික් පදනම්වලට යටත්වූ ’ අගයන් මඟින් ප‍්‍රමුඛතාවයකට සකසා, ඊට අනුව පමණක් රජයේ විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගනී. රජයේ විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නේ වසරකට 40,000 ක පිරිසක් නිසා දැනට ශ‍්‍රී ලංකාවේ වසරකට අපොස උසස් පෙළ සමත් වන 150,000 ක් පමණ වූ සිසුහු අතරමං වෙති.

 මෙම ප‍්‍රශ්නය විසඳන්නේ නැතිව නිදහස් අධ්‍යාපනය රැුකගැනීම ගැන කතාකිරීමට නොහැකිය. නමුත් අවාසනාවකට මෙන් මෑත කාලයේ දී නිදහස් අධ්‍යාපනය රැුකගැනීම නමින් සිදුවූයේ, දිස්ත‍්‍රික් ’ අගයන් යටතේ විශ්ව විද්‍යාලවලට නොතේරෙන සිසුන් හට උපාධි ලබාගැනීමට ඇති වෙනත් ඉඩකඩ අහුරාලීමයි. එනම් අධ්‍යාපනය ලබාගැනීමේ නිදහස අහුරාලීමකි. එය කෙතරම් දුරදිග පිරිහී ගොස් ඇතිද යත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව හා ශ‍්‍රී ලංකාවේ ඉංජිනේරු ආයතනය, උපාධිය ලබාගත් පසු උපාධිධාරීන්ට තිබෙන හැකියාවන් දෙස නොව, එම සිසුන් ලබාගත් අපොස උසස් පෙළ ප‍්‍රතිඵල දෙස බලන තත්ත්වයට පත්වී ඇත. එමෙන්ම විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ට  රැකියාවක් සොයා ගැනීමට නොහැකි නිසා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින බොහෝ පිරිස් ද තෘතීයික අධ්‍යාපනය පුළුල් වනවා දැකීමට ද අකමැතිය.

 මෙම තත්ත්වය පාසැල් අධ්‍යාපනයට ද දැඩි අහිතකර බලපෑමක් ඇති කර තිබේ. විශ්ව විද්‍යාලවලට ඇතුළත්වීම සඳහා ඇති තරඟය නිසා දැන්, පෙර පාසලේ සිට උසස්පෙළ අවසානය දක්වාම සියලූ‍ දෙමව්පියෝ සිය දරුවන්ව ටියුෂන් පංතිවලට යවති. අඩු ආදායම්ලාභි පවුල්වල මාසික වියදම්වලින් ආහාර සඳහා හැරුණුවිට වැඩිම වියදමක් දරන්නට සිදුවී ඇත්තේ ටියුෂන් පංති සඳහාය. දරුවන් බොහෝවිට නොමිලයේ ලැබෙන අධ්‍යාපනය ලබාදෙන පාසැල්වලට යන්නේ පැමිණීම ලකුණු කරගැනීම සඳහා පමණි. එපමණක් නොව, පාසැල් විෂය මාලාව හොඳ වුවද, කටපාඩම්කර විභාග සමත්වීමට වෑයම් කරන බැවින් දරුවන්ගේ නිර්මාණශීලී හා විශ්ලේෂණශීලී හැකියාවන් ද මොට වී යයි. එම නිසා ඇත්තටම සිදුවී ඇත්තේ පාසැල් අධ්‍යාපනය ද පුද්ගලීකරණය වීමයි.

 අශෝක අභයගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment